33 C
Colombo
Sunday, May 5, 2024

T20 වාර්තා නැවත ලියූ දකුණු අප්‍රිකාව  

- Advertisement -

සිය මංගල t20 ශතකය පන්දු 43කින් ලබාගත් ක්වින්ටන් ඩි කොක්  ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම හඹා යෑම සාර්ථක කර ගැනීමේ වාර්තාව දකුණු අප්‍රිකාවේ නම ඉදිරියේ සටහන් කළා.

බටහිර ඉන්දීය කොදෙව් සමග පැවති මෙම තරගයේ දි ලකුණු 517ක් වාර්තා වූ අතර එය ජාත්‍යන්තර පන්දුවාර 20 තරගයකදී ලකුණු 500ක් වාර්තා වූ පළමු අවස්ථාව වන අතර ඕනෑම පන්දු වාර 20 තරගයකදී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

මෑතකදී නිමා වූ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ මුල්තාන් සුල්තාන් සහ කොයිටා ග්ලැඩියේටර්ස් තරගයේදී ලකුණු 515ක් වාර්තා වුණා.

හයේ පහර 35ක් තරග පුරා එල්ල කෙරුණු අතර ජාත්‍යන්තර t20 තරගය එල්ල කෙරුණු වැඩිම 6 පහර සංඛ්‍යාව එය ලෙස සටහන් වනවා.

ඉන් හයේ පහර 22ක් එල්ල කළේ කොදෙව්වන් වන අතර කණ්ඩායමක් එල්ල කළ වැඩිම හයේ පහර වාර්තාව සම කිරීමට ඔවුන් සමත් වුණා.

එ් අතරින් හයේ පහර 11ක් එල්ල කළ ජොන්සන් චාර්ල්ස් දෙවැනි වේගවත්ම t20 ශතකය ලබා ගනිමින් බටහිර ඉන්දීය කොදෙව්වන් t20 තරගයක වාර්තා කළ ඉහළම ලකුණු පුවරුව සටහන් කළත් එය ජයග්‍රහණයට ප්‍රමාණවත් වුණේ නැහැ.

සෙන්චූරියන් හි පැවති තරගයේ කාසිය වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායකයා පළමුව පන්දුව පහරදීමේ අවස්ථාව කොදෙව්වන්ට ලබා දුන්නා.

ඒ අනුව කොදෙව්වන් කඩුලු 5ක් දැවී ලකුණු 258ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

චාර්ල්ස්ගේ ශතකයට අමතරව කයිල් මේයර්ස් පන්දු 27කින් ලකුණු 51ක් ද රොමාරියෝ ෂෙපර්ඩ් පන්දු 18කින් ලකුණු 41ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ඇරඹු ඩි කොක් සහ හෙන්ඩ්රිකස් පන්දුවාර 5.3කදී ලකුණු 100ක් රැස් කරමින් කොදෙව් පන්දු යවන්නන් අන්දමන්ද කළා.

රීසා හෙන්ඩ්රික්ස් පන්දු 28කදී ලකුණු 68ක් ලබා ගත්තා.

ලකුණු 259ක ජයග්‍රාහී ඉලක්කය කඩුලු 4ක් පමණක් දැවී 19 වැනි පන්දුවාරයේ පස්වැනි පන්දුවේදී සපුරා ගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.

මෙම තරගයේදී හතරේ පහර 81ක් වාර්තා වූ අතර එය t20 තරගයක එල්ල කළ වැඩිම හතරේ පහර සංඛ්‍යාවයි.

දකුණු අප්‍රිකාව t20 තරගයක ලකුණු 200කට වඩා හඹා ගොස් ජයගත්තේ සිව්වැනි වරටයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...