ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරය අද (27) නැවතත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 313.74ක් ලෙසයි සටහන් වුණේ.
එහි විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 336.09 ක් ලෙසයි.
මේ අතර මෙරට රත්‍රං මිල ගණන් අද (27) දිනයේ පහළ ගොස් තිබෙනවා.
කොළඹ හෙට්ටිවිදිය රන් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය සිකුරාදා රුපියල් 161000ක් වූ කැරට් රන් පවුමක අද (27) දිනයේ රුපියල් 158300 දක්වා පහළ ගොස් ඇති බවයි.
ඊට අමතරව පසුගිය සිකුරාදා රුපියල් 175000ක් ලෙස පැවැති කැරට් 24ක රන් පවුමක මිල අද (27) දිනයේ රුපියල් 172000ක් දක්වා පහත වැටී තිබෙනවා.