33 C
Colombo
Monday, May 6, 2024

ගුවන්තොටේ දී සංචාරකයින්ට කරදර වැඩි-නිමල් සිරිපාල ද සිල්වා

- Advertisement -

කටුනායක ගුවන්තොටුපලෙන් ගෙඩබසින සංචාරකයින්ගෙන් විවිධ පැමිණිලි හා මැසිවිලි දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් ඔවුන්ට හිරිහැර කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඔ දී අද (28) පැවසුවා.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ගමන්මලු ඔසවන්නන්, ටැක්සි රියදුරන් හා තැරව්කරුවන්ගෙන් සංචාරකයින් විවිධ අක්‍රමිකතාවයන් සහ හිරිහැර වලට ලක්වන බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ලොව බොහෝ ගුවන්තොටුපලවල තිබෙන අචාරශීලි බව හා සුහද බව කටුනායක ගුවන්තොටුපලේ නැති බව ගුවන්තොටුපල බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා අවධාරණය කළා.

මෙහිදී ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයාට සහ නිලධාරීන්ට නියෝග කරමින් කියා සිටියේ සංචාරක සමය එලඹීමත් සමඟ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් ප්‍රමාණය විශාල වශයෙන් වැඩි වී ඇති බැවින් මේ සම්බන්ධයෙන් දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන ලෙසටයි.

මෙවැනි අක්‍රමිකතාවන් වල යෙදී හසුවන අයට දැනට පනවා ඇති රුපියල් 25,000 දඩය රුපියල් 100 000 දක්වා වැඩි කිරීමටත් එහිදී තීරණය කෙරුණා.

අමාත්‍යවරයා මෙම පැමිණිලි භාරගැනීමට සහ ක්ෂනිකව ක්‍රියාත්මක වීමට විශේෂිත කවුළුවක් ස්ථාපිත කිරීමටද උපදෙස් දුන්න අතර මෙවැනි ක්‍රියාවන්හි නියැලෙන්නන් හසුකර ගැනීමට සිවිල් ආරාක්ෂරක කණ්ඩායමක් යෙදවීමටත්, සී.සී.ටී.වී. කැමරා පද්ධතිය පුළුල් කිරීමටත් උපදෙස් දුන් අමාත්‍යවරයා මෙම පැමිණිලි භාරගැනීමට සහ ක්ෂ්නිකව ක්‍රියාත්මක වීමට විශේෂිත කවුළුවක් ස්ථාපිත කිරීමටද උපදෙස් දුන්නා.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...