29 C
Colombo
Wednesday, May 8, 2024

වෘත්තීය සමිති වැඩවර්ජනයේ. තෙල් බෙදීමෙන් ඉවත්වෙයි

- Advertisement -

ඛනිජ තෙල් ආනයනය කිරීම ඇතුළු ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පැවති ඒකාධිකාරී බලය විදේශ සමාගම් දෙකකට ලබාදීමට විරෝධය පළ කරමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව කොළොන්නාව ඛනිජ තෙල් පර්යන්ත පරිශ්‍රය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහ ව්‍යාපාරය අත්හිටුවීමට තීරණ කර තිබෙනවා.

ඊයේ (27) උදෑසන සිට ඛනිජ තෙල් සේවකයින් ආරම්භ කළ සත්‍යග්‍රහයට බලධාරින් නිසි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් අද (28) පස්වරු 2.00 වන විට සත්‍යග්‍රහය අවසන් කර හදිසි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට වෘත්තීය සමිති කටයුතු කර තිබුණා.

ඉන්ධන බෙදා හැරීමට බාධා කරන සහ අනෙකුත් සේවකයින්ගේ වැඩකටයුතුවලට බාධා කරන හෝ අත්‍යාවශ්‍ය සේවා නියෝග කඩ කරමින් ක්‍රියා කරන සේවකයින්ට හෝ වෘත්තිය සමිති ක්‍රියාකාරීන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

අමාත්‍යවරයා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සහ ඛනිජතෙල් තොග පර්යන්ත ගබඩාවේ සභාපතිවරයාට උපදෙස් දී තිබෙන්නේ අදාල විනය ක්‍රියාමාර්ග කඩ කරන අයවලුන්ව රැකියාවෙන් නෙරපා හැරීම පිළිබඳව සලකා බැලීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...