32 C
Colombo
Saturday, May 4, 2024

ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවක

- Advertisement -

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ මාස කිහිපයක් ජල බිල්පත් නොගෙවූ පාරිභෝගිකයින් 40,000කට අධික සංඛ්‍යාවක ජල සබඳතා විසන්ධි කිරීමට සිදුව ඇති බවයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඔවුන්ගෙන් මණ්ඩලයට රුපියල් මිලියන 1600 කට අධික මුදලක් අයවිය යුතු බවත්

ඉන් 15000 කට එරෙහිව නඩු පැවරීමට ද ජල සම්පාදන මණ්ඩලය මේ වනවිට සැලසුම් කර ඇති බවයි.

ඒ අතර ගෘහස්ථ පාරිභෝගිකයින්, ව්‍යාපාරික ස්ථාන මෙන්ම රාජ්‍ය ආයතන ද වන බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරනවා.

ඔවුන් පවසන ආකාරයට පසුගිය සැප්තැම්බර් මාසයේදී ජල ගාස්තු ඉහළ දැමිමත් සමග බිල්පත් ගෙවීම 40% ක් දක්වා අඩුවී තිබෙනවා.  

පාරිභෝගිකයින්ගෙන් අයවිය යුතු මුදල රුපියල් මිලියන 8400කට අධික බවයි ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ.

මෙවැනි තත්ත්වයක් යටතේ ජල සම්පාදන මණ්ඩලය දැඩි මූල්‍ය ගැටලුවකට මුහුණ දී ඇති බව ද එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රකාශ කළා .

RECENT ARTICLES - SINHALA

Onmax DT ලොක්කන්ට විදෙස් ගමන් තහනමක්

"ඔන්මැක්ස් ඩී.ටී." පිරමීඩ ජාලය ව්‍යාප්ත කරමින්  ඉදිරිපෙළ ප්‍රවර්ධන නිලධාරීන් ලෙස ජනතා මුදල් නීති විරෝධීව එක්රැස්  කළේ යැයි කියන හය දෙනෙක රටින් පිටවීම වළක්වමින් විදෙස්...

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරිය අද දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය කමිකාවා යෝකෝ මහත්මිය අද (04) මෙරටට පැමිණීමට නියමිතයි. ජපානයේ මෙරට තානාපති කාර්යාලය නිවේදනය කළේ, අද (04) සහ හෙට (05) කමිකාවා යෝකෝ...

FOXHILL අනතුරින් දිවි අහිමිවුවන්ට වන්දි

FOXHILL රිය අනතුරින් දිවි අහිමි වූ හා තුවාල ලැබූ පුද්ගලයින් සඳහා වන්දි මුදල් පිරිනැමීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, දිවි අහිමි වූ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...