30 C
Colombo
Tuesday, May 7, 2024

චමල්ට තවත් රාජ්‍ය අමාත්‍ය ධූරයක්

- Advertisement -

වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කැබිනට් අමාත්‍ය ධූරයක් හා රාජ්‍ය අමාධ්‍ය ධූරයක් හෙබවූ චමල් රාජපක්ෂ මහතාට තවත් රාජ්‍ය අමාත්‍යාංශයක් ලබාදී තිබෙනවා.

මෙතෙක් එක් අමාත්‍යාංශයක් යටතේ පැවති රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පසුගියදා ගැසට් නිවේදනයක් මගින් අමාත්‍යාංශ දෙකක් බවට පත් කෙරුණා.

ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විට අමාත්‍යාංශ දෙකක් ලෙස විෂයන් වෙන් කර තිබෙනවා.

එහිදී පිහිටවූ නව අමාත්‍යාංශ දෙකෙහිම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ අනුව චමල් රාජපක්ෂ මහතා මේ වන විට අමාත්‍ය ධූරයක් හා රාජ්‍ය අමාත්‍ය ධූර දෙකක් දරනු ලබනවා.

RECENT ARTICLES - SINHALA

කෙහෙළියගේ පෙත්සමේ තීන්දුව කල් ගිහින්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තමන්ව අප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ අතුරු ඉල්ලීම පිළිබඳ තීන්දුව...

නව වෛද්‍ය ආඥා පනත පාර්ලිමේන්තුවට

වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ජාත්‍යන්තරව පිළිගත් විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම සඳහා පදනම් කරගත යුතු...

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්,ඔවුන්ගේ නියෝජිතයින් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ දී අද පෙරවරු 11.30ට කැඳවන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...