26 C
Colombo
Monday, May 6, 2024

විවාහ උත්සව වල අමුත්තන් සංඛ්‍යාව යළිත් වෙනස්වේ

- Advertisement -

විවාහ මංගල්‍යයකදී උපරිම අමුත්තන් සංඛ්‍යාව 150 සිට 50 දක්වා සංශෝධනය කිරීමේ යෝජනාව අත්හිටුවා තිබෙනවා.

මංගල උත්සවයක් යනු කොවිඩ් 19 පැතිරීමට වැඩි ඉඩකඩක් තිබෙන ස්ථානයක් ලෙස හදුනාගැනීම නිසාවෙන් එවැනි උත්සවයකට සහභාගීවන සංඛ්‍යාව 50 දක්වා අඩු කිරීමට මීට පෙර සෞඛ්‍ය අංශ තීරණය කර තිබුණා.

කෙසේ වෙතත්, මෝනින් පුවත්පත වාර්තා කරන්නේ විවාහ මංගල්‍ය සඳහා උපරිම අමුත්තන් සංඛ්‍යාව 150 සීමාව නොවෙනස්ව පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සදහන් කළබවයි.

විවාහ කර්මාන්තය මත දැඩි ලෙස රඳා පවතින බොහෝ වෘත්තීය කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීම් ගණනාවක් හේතුවෙන් අමුත්තන් 50 සීමාව ඉවත්කිරිමට කටයුතු කල බව රාජ්‍ය අමාත්‍ය ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පවසා තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ ජීවනෝපායන් සඳහා වන ඉල්ලීම් හා බලපෑම් සැලකිල්ලට ගනිමින් මංගල උත්සවයකදී උපරිම අමුත්තන් සංශෝධනය නොකිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අදාල තීරණය ඕනෑම වේලාවක වෙනස් කිරීමට යටත් වන බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසූ බවයි පුවත්පත වාර්තා කරන්නේ.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...