28 C
Colombo
Sunday, May 5, 2024

මෙරට ජලය පිටරටට විකිණීමට බන්දුල යෝජනා කරද්දී දිවයින පුරා ජල කප්පාදුවක්

- Advertisement -

සාම්ප්‍රදායික අපනයන භාණ්ඩවලට අමතරව ජලය අපනයනය කිරීමෙන් හොද විදේශ විනිමයක් මෙරටට උපයාගත හැකි බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරනවා.

ජපානය හා ප්‍රංශය තම රටවල ජලය ලෝක වෙළෙදපොලට අලෙවිකර විශාල ආදායමක් ලබන බව සදහන් කල අමාත්‍යවරයා අපනයන වර්ධනය කිරීමට තමන් හට වගකීමක් පැවරී තිබෙන බවද පවසනවා.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් නුවරඑළිය හෝප් වතුයායේ දිය බුබුළ සම්බන්දයෙන් හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්යවරු කණ්ඩායමක් කළ පර්යේෂණ වාර්තාව එළිදැක්වීම වෙනුවෙන් එම ආයතනයේ පැවති රැස්වීමක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

මේ අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරන්නේ මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන ජලාශ හා ජල මූලාශ්‍ර සිදී ඇති බැවින් පානීය ජලය ලබාදීම සීමාකිරීමට සිදුවන බවයි.

ඒ අනුව එම මණ්ඩලයේ පාරිභෝගිකයන්ගේ ජානීය ජල අවශ්‍යතාවය පැය 24 පුරා ලබාදීම සීමා වනු ඇති බවට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

තවද පවත්නා තත්ත්වය මත උස් බිම් ප්‍රදේශවල වෙසෙන ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවද නිවේදනයේ සදහන්.

පවතින කාලගුණ තත්ත්වය මත පානීය ජලය හැකිතරම් දුරට අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...