33 C
Colombo
Sunday, May 5, 2024

රැල්ලට තාප්පවල ඇන්ද චිත්‍ර දැන් වල් වැදිලා

- Advertisement -

2019 වසරේ නොවැම්බර්, දෙසැම්බර් හා 2020 ජනවාරි මාසවල දිවයින පුරා විවිධ ප්‍රදේශයන්හී තාප්ප, කණු, බස් නැවතුම්, පාලම් කණු, බෝක්කු, නාන ලිං, දුම්රිය ස්ථාන, උමං මාර්ග ඇතුළු බොහෝ ප්‍රසිද්ධ ස්ථානවල චිත්‍ර ඇදීමේ රැල්ලක් ආරම්භ වී තිබුණා.

රට ලස්සන කිරීමේ රැල්ලක් ලෙස තරුණ තරුණියන් ඉතාමත් උද්යෝගයෙන් මෙම ස්ථාන සිතුවම් කරන ලද අතර ඊට මාධ්‍ය මඟින් හා සමාජ මාධ්‍ය තුළ පුළුල් ප්‍රචාරයක්ද ලබාදුන්නා.

පසුව එය යම් ආකාරයක දේශපාලන මුහුණුවරක් ගත් අතර මෙම තරුණ තරුණියන් අගයමින් ගෝඨාභය රාජපක්ෂ මහතාද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

පසුව මෙම චිත්‍ර අදින ස්ථානවල සිට ඇතැම් මාධ්‍ය ආයතනවල උදෑසන පත්තර කියැවීමේ වැඩසටහන්ද සජීවීව විකාශය කෙරුණා.

කෙසේ වෙතත් ඊට මාධ්‍ය මගින් ලැබෙන ප්‍රචාරය දිනෙන් දින අඩුවත්ම චිත්‍ර ඇදීමේ රැල්ලද වැල්ලේ සැඟව ගියා.

පසුව බොහෝ ප්‍රසිද්ධ ස්ථානවල චිත්‍ර බාගයට ඇද දමා තිබියදී අත්හැර දමා ඇති ආකාරය අදටත් දැකගත හැකියි.

ඒ අනුව රාගම ගුවන් පාලම, කඩුවෙල අධිවේගී මාර්ග පිවිසුම දෙපස, කඩවත උමං මාර්ගය ඇතුළු ස්ථාන රැසක එවැන් භාග චිත්‍ර දැකගත හැකි වනවා.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ එලෙස රැල්ලක් ආකාරයෙන් ඇදි චිත්‍ර වල්වැදී ඇති බවයි.

ඒ අනුව දිවයිනේ ස්ථාන කිහිපයක ඇදි තාප්ප චිත්‍ර වල්වැදී ඇති අතර ඒවා ශුද්ධ පවිත්‍ර කිරීමට හෝ රැල්ලට චිත්‍ර ඇදි තරුණ තරුණියන් කටයුතු නොකිරීම පිළිබදව සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව තිබෙනවා.

එක්තරා දේශපාලන පිබිදීමක ප්‍රතිපලයක් යැයි පෙන්වමින් රැල්ලට චිත්‍ර ඇන්දද එම දේශපාලන ප්‍රවාහයේ වර්තමාන තත්ත්වයේ පිළිඹිබුව අදාල චිත්‍රවලට දැන් අත්ව ඇති ඉරණම පෙන්නුම් කරන්නේද?

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...