26 C
Colombo
Tuesday, May 7, 2024

කොවිඩ් එන්නත අයාලේ යෑම පිළිබදව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ කණස්සල්ල

- Advertisement -

වර්තමාන කොවිඩ් 19 එන්නත් කිරීමේ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනිව සිදුකිරීම පිළිබදව තම සංගමය දැඩි කණස්සල්ලට පත්ව සිටින බව ශ්‍රී ලංකාවේ විශේෂඥ ප්‍රජා වෛද්‍යවරුන්ගේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (CCPSL) නිවේදනය කරනවා.

අදාල නිවේදනය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ 2021 වසර තුළදී ඉතාමත් සීමිත එන්නත් තොග ප්‍රමාණයක් ලැබිය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම අනුමත කරන ලද එන්නත්කරන සැලැස්ම මඟින් එන්නත් කිරීම සදහා හදුනාගෙන තිබූ ප්‍රමුඛතා කණ්ඩායම් වන්නේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවල සහ පොලීසියේ ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය, වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්, වෙනත් රෝගාබාධ ඇති අය සහ ආර්ථික වශයෙන් වැදගත් හා අත්‍යාවශ්‍ය සේවා ආයතනවල ඉහළ අවධානම් කණ්ඩායම් බවයි.

තත්ත්වය එසේ තිබියදී තෝරාගත් ප්‍රජාවන් කිහිපයකම අවුරුදු 30 ත් 60 ත් අතර පුද්ගලයින් ඉලක්ක කර එන්නත් කිරීම ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාතයාංශය ගත් තීරණය ජාතික එන්නත්කරණ සැලැස්මේ සදහන් විද්‍යාත්ම පදනමකින් එකඟවූ ප්‍රමුඛතාවන්ගෙන් දුරස්ව කටයුතු කිරීමක් බවයි එම සංගමය පවසන්නේ.

ඒ අනුව බෝ වන රෝග පිළිබද ජාතික උපදේශන කමිටුව ලබාදෙන උපදෙස් නොසලකා හැරීම ඉදිරියේදී කොවිඩ් 19 වසංගත තත්ත්වය රට තුළ පාලනය කර ගැනීමට සෘජුව බලපාන බවද අදාල නිවේදනයේ සදහන්.

එබැවින් වෙනත් කරුණු මත පදනම්ව තීරණ ගැනීමෙන් වැළැකී විද්‍යාත්මකව නිර්දේශිත එන්නත් ප්‍රමුඛතා ලැයිස්තුවට පමණක් එන්නත් කිරීම වහාම නැවත ක්‍රියාවට නංවන ලෙස ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් හා අනෙකුත් තාක්ෂණික ආයතනවලින් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...