25 C
Colombo
Thursday, May 9, 2024

වැලිකඩ බන්ධනාගාරය හොරණට. බන්ධනාගාර ඉඩම චීනයට ?

- Advertisement -

වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙනවිත් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇති බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

එමගින් බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කරගත හැකි බව ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

“ලංකාවේ සිටින භයානක කියලා කියන සිරකරුවන් සියලු දෙනාම මේ බන්ධනාගාරයට ගේන්නයි බලාපොරොත්තුව. දැනට මෙහි අධි ආරක්ෂිත කුටි 32ක් තියෙනවා. තවත් කුටි 32ක් මාස දෙකකින් අපිට නිමකර ගන්න පුළුවන් වෙයි. බන්ධනාගාර අමාත්‍යාංශය භාර ගන්නකොට බන්ධනාගාරවල 30,000ක් විතර රැඳවියන් හිටියා. අද අපි ඒක 19,000කට පමණ අඩු කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම බලාපොරොත්තුවෙන්නේ වැලිකඩ බන්ධනාගාරය හොරණට ගෙන ගිහින් අධි ආරක්ෂිත නවීනතම බන්ධනාගාරයක් හදලා බන්ධනාගාර තදබදය අඩු කරන්නයි.”

කෙසේ වෙතත් පසුගිය දෙසැම්බර් 25 වනදා මහනුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ලොහාන් රත්වත්තේ මහතා සදහන් කළේ අක්කර 48 කින් යුත් වැලිකඩ බන්ධනාගාර ඉඩම ඉහළ වාණිජ වටිනාකමකින් යුක්ත බැවින් එය වෙනත් වාණිජ කටයුත්තක් සදහා භාවිතා කිරීමට අවධානය යොමුව ඇති බවයි.

කෙසේ වෙතත් එම වාණිජ කටයුත්ත කුමක්දැයි ඔහු සදහන් කළේ නැහැ.

සිරකරු අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කරන්නේ අදාල ඉඩම චීන සමාගමකට පැවරීමට රජය කටයුතු කරමින් සිටින බවයි.

ඉහළ වටිනාකමකින් යුත් මේ ඉඩම කෙරෙහි චීනයේ අවධානය යොමුව ඇති බැවින් වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන ගොස් මෙම ඉඩම හිස් කිරීමට මේ වන විට කටයුතු සකස් කරමින් සිටින බව එම සංගමය සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

NMRA හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව අද (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැය 10කට ආසන්න කාලයක්...

ශ්‍රී ලංකන් පාඩුව ගැන අගමැතිගෙන් හෙළිදරව්වක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම පසුගිය වසර දහයේදී (2014 -2024) රුපියල් කෝටි හතළිස් පන් දහස් හත්සිය අනූවකට වැඩි මුදලක් පාඩු ලබා තිබෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ්...

අහුංගල්ලේ වෙඩි තැබිමක්

Update : අහුංගල්ල වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මියගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙක් බවට වාර්තා වනවා. අහුංගල්ල ප්‍රදේශයේ අද(08) සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

ලිට්‍රෝ ගෑස් ලොකු වැඩකට අත ගහලා

නව ගෑස් පිරවුම් පර්යන්තයක් හෙට (08) දිනයේ කඩුවෙල – මාබිම ප්‍රදේශයේ දී විවෘත කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා...