29 C
Colombo
Tuesday, May 7, 2024

මහියංගනය පුදබිම රනිල් පූජා භූමියක් කරලා

- Advertisement -

ඓතිහාසික මහියංගන පූජාභුමියේ විල්ලු‍වපිටිය වැව මධ්‍යයේ අභිනවයෙන් ඉඳිකළ අඩි 102 පමණ උසින් යුත් ශ්‍රීලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමාවහන්සේ විවෘතකිරීම ඊයේ (28) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මීට සමගාමීව මහියංගන රාජ මහා විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතුද නිමකර තිබුණා.

එම පුදබිමේ උඩමළුව වටා ඉඳිකළ වළාකුළු බැම්ම විවෘතකිරීම සහ මහියංගනය පූජා භුමියක් වශයෙන් නීතිගතකොට ඒ පිළිබඳව ශ්‍රී සන්නස්පත්‍රය ප්‍රධානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.

මහා විහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඤාණරතන මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ අස්ගිරි මල්වතු උභය මහා විහාරයේ අතිපූජ්‍ය අනුනායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමකර සිටියා.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...