32 C
Colombo
Sunday, May 5, 2024

ශ්‍රී ලංකාව ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ රටක් ලෙස ලැයිස්තුගත කෙරේ – ITSSL

- Advertisement -

අන්තර්ජාල සමාගම්වල මාෆියාව නිසා ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත වී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙනවා.

මේ බව සඳහන් කරමින් එම සංගමය සිදු කළ නිවේදනය පහළින්.

ශ්‍රී ලංකාවට ඩිජිටල් ලෝකය ජයගන්නට තිබෙනා ප්‍රධාන බාධාවක් ලෙස අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් සිදුකරගෙනු යනු ලබන මාෆියාව හේතුවී ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මීට වසරකට පෙර ‘ශ්‍රී ලංකාව ඩිජිටල් ලෝකය ජයගන්න පවතින ඩේටා මාෆියාව විශාල බාධාවක්’ යන සිරස්තලය යටතේ 2020 වසරේ පෙබරවාරි 21ක් වනදා නිකුත් කල මාධ්‍ය නිවේදනය මගින් හෙළිදරව් කිරීමට හැකිවිය.

අන්තර්ජාල සේවා සපයන සමාගම් විසින් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට සපයන අන්තර්ජාල පහසුකම්වලට ගුණාත්මක සේවාවක් ලබාදීම, පාරිභෝගික අදහස්වලට සවන්දීම පසෙකලා තම අන්තර්ජාල සමාගම්වලට අවශ්‍ය පරිදි පාරිභෝගිකයන් හැසිරවීමක් සිදුකරන අතර මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව නිසි අවධානයක් යොමු නොකරන බවක් දැකගත හැකිය. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ප්‍රජාවට අන්තර්ජාල පහසුකම් සැපයීම ආයතන කිහිපයක ඒකාධිකාරයක් බවට පත් කරගැනීමට මෙම ආයතන කටයුතු කර ඇති බව ඉතා පැහැදිලිවම අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට දැකගන්නට ලැබේ. තවද ශ්‍රී ලාංකික අන්තර්ජාල සේවා සපයන සමාගම් අන්තර්ජාල මූලධර්මයක් වන Net neutrality සංකල්පයෙන් බැහැර වී තම සේවා සැපයීම පරිශීලකයන්, අන්තර්ගතයන්, වෙබ් අඩවි, වේදිකා, යෙදුම්, උපකරණ වර්ග, ප්‍රභව ලිපින, ගමනාන්ත ලිපින හෝ සන්නිවේදන ක්‍රම මත පදනම්ව වෙනස් ලෙස සිදුකරමින් ඇති බව ඉතා කනගාටුවෙන් පෙන්වාදිය හැකිය.

මෙසේ අන්තර්ජාල සේවා සපයන සමාගම් සිදුකරගෙන යනු ලබන ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් රටවල් 85 ක් ඇසුරෙන් කරන ලද අන්තර්ජාතික සමීක්ෂණයකින් ඩිජිටල් ගුණාත්මකභාවයෙන් පහළ මට්ටමක රටක් ලෙස ශ්‍රී ලංකාව අවසන් ස්ථානය ලබාගෙන ඇති අතර මෙම තත්වය ශ්‍රී ලංකාවෙහි ඉදිරි ඩිජිටල් ආර්ථිකයේ ප්‍රගමනයට විශාල බාධාවක් ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වශයෙන් හඳුනා ගනිමු. 

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්  
සභාපති                                                                
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...