33 C
Colombo
Monday, May 6, 2024

ට්‍රම්ප් 2024 ජනාධිපතිවරණයට?

- Advertisement -

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි 2024 දී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන බවට සිය පාක්ෂිකයින්ට ඉඟි ලබා දී තිබේ.

ඊයේ (28) ඔර්ලන්ඩෝහි පැවති දේශපාලන සමුළුවකට සහභාගි වෙමිනුයි හිටපු ජනාධිපති ට්‍රම්ප් සිය අනාගත දේශපාලන සැලැස්ම ගැන මෙසේ ඉඟි සපයා ඇත්තේ.

කෙසේවෙතත් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට තමන්ගේ සැලස්මක් නොමැති බවද ට්‍රම්ප් පවසා ඇත. එසේ වුවහොත් එය රිපබ්ලිකන් පක්ෂයේ දෙකඩ වීමක් සිදුවන හෙයින් එයට ඔහු එකඟ නොමැති බවයි ඔහු පවසා ඇත්තේ.

ඒ අනුව ඔහු තවදුරටත් රිපබ්ලිකන් පක්ෂය රකිමින් කටයුතු කරන්නෙකු බවට හැඟවෙන බවයි විදෙස් වාර්තා පෙන්වාදී ඇත්තේ.

සිය ජනාධිපතිවරණ ප්‍රතිවාදියා වූ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ව ඔහු තවදුරටත් දැඩිව විවේචනයට ලක් කරනු ලබයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙලෙස අදහස් දැක්වීම යළි අරඹා තිබෙන්නේ ඔහුට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගයෙන් නිදොස් කොට නිදහස් වූ පසුව වීමද විශේෂත්වයකි.

බලය හුවමාරු කරගැනීමට පෙර පසුගිය ජනවාරියේ ඇමරිකාවේ වොෂින්ටන් හි පැවති කැරළි තත්ත්වය හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට සමාජ මාධ්‍යයට පිවිසීමට තිබුණු ඉඩ කඩද ඇහිරුණි. කෙසේවෙතත් ඔහු සටන අත්හැර නැති බව නම් පැහැදිලිය.

RECENT ARTICLES - SINHALA

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්

අද ඇරඹුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. විභාග...

හෙට උණුසුම ගැන නිවේදනයක්

හෙට (06) දිනයේ උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (05) කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළා. එම නිවේදනයේ දැක්වෙන්නේ හෙට දිනයේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර...

කෙහෙළිය ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 8 දෙනා එළැඹෙන මැයි මස 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා. ඊට අදාළ...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...