29 C
Colombo
Saturday, May 4, 2024

හිටපු ප්‍රංශ ජනපති නිකොලස් සාර්කොසි ට වසර තුනක සිර දඬුවමක්

- Advertisement -

දූෂණ අක්‍රමිකතා චෝදනා මත හිටපු ප්‍රංශ ජනපති නිකොලස් සාර්කොසි ට ප්‍රංශ අධිකරණයක් විසින් වසර තුනක සිර දඬුවමක් නියම කර ඇති බව BBCය වාර්තා කරනවා.

2014 වර්ෂයේදී මැතිවරණ මූල්‍ය අක්‍රමිකතා චෝදනාවක් සම්බන්ධයෙන් පැවති විමර්ශනයක දී අදාළ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකරු ගෙන් ඊට අදාළ තොරතුරු නීතිවිරෝධී මාර්ගයෙන් ලබා ගැනීමට තැත්කිරීම අධිකරණය හමුවේ තහවුරු වූ නිසාවෙන් ඉහත තීන්දුව ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව තුළ ලබා දුන් සිර දඬුවම් කාලසීමාව වසර 1 කට සීමා කර ඇති අතර, එම කාලය තුළ නිවාස අඩස්සියේ (House Arrest) තැබීමට ද අධිකරණය පසුව තීන්දු කර තිබේ.

ඒ අනුව ඔහු බන්ධනාගාර ගත නොවන අතර, සිය නිවස තුළ නිලධාරීන්ගේ අධීක්ෂණය මධ්‍යයේ ඉලෙක්ට්‍රොනික පළඳනාවක් සහිතව සිටීමට සාර්කොසි ට සිදුවනු ඇත.

සාර්කොසි මහතා 2007 – 2012 කාලය තුළ ප්‍රංශයේ ජනාධිපතිධුරය හෙබවීය.

නූතන ප්‍රංශ ඉතිහාසයේ පළමු වරට චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වූ ජනාධිපතිවරයා සාර්කොසි මහතාය.

සාර්කොසි සමඟ ඔහුගේ සමවිත්තිකරුවන් හා නීතීඥයින් වන තියරි හර්සොග් සහ හිටපු මහේස්ත්‍රාත් ගිල්බර්ට් අසිබර්ට් යන අයට වසර දෙකක සිරදඬුවමක් සහ වසර දෙකක අත්හිටවූ සිරදඬුවමක් පැනවීමට ඉහත අධිකරණය කටයුතු කර තිබේ.

මෙම අක්‍රමිකතා චෝදනා වලට හර්සොග් සහ අසිබර්ට් වරදකරුවන් වූ අතර අදාළ සිරදඬුවම ඔවුනට හිමිවනු ඇති.

RECENT ARTICLES - SINHALA

බන්ධනාගාර තුනකට ජංගම අධිකරණ

මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ මුල්‍යමය දායකත්වය මත ඉදිරිකරන ලද ජංගම අධිකරණ පද්ධතිය ඊයේ (03)...

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...