29 C
Colombo
Saturday, May 4, 2024

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

- Advertisement -

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්මේන්තුවේදී අදහස් දක්වමින්.

“පොහොර මිලේ අඩුවීමක් දකින්ට ලැබෙනවා. ඒක ඇත්ත. අපි රජය විදිහට ගෙනාපු පොහොර තියෙන්නේ වැඩි මිලට ගෙනාපු පොහොර.

ලෝක වෙළෙඳපොලේ මිල අඩුවීම සහ ඩොලරයට සමානුපාතිකව රුපියල ශක්තිමත්වීම සමග ඊළඟට එන පොහොර නැවේ ඉදලා රුපියල් 9,000කට පහළින් මිලකට පොහොර ලබාදෙන්න කටයුතු කරනවා.

ලබන සතිය තුළම ඒ වාසිය අපි මේ රටේ ජනතාවට ලබාදෙන් කටයුතු කරනවා.

අපි බණ්ඩි පොහොර ගෙනත් තියෙන්නේ 19,500ක්. ඒ බණ්ඩි පොහොර රුපියල් 4,500ක් අඩුකරලා රුපියල් 15,000 බැගින් ලබාදෙන්න කටයුතු කරනවා.

ඒ වගේම මඩ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ගොවි ජනතාවට නොමිලේම මේ වනවිටත් ලබාදීලා තියෙනවා.

ඒ නිසා මේ වතාවේ යල කන්නයේදී පොහොර වර්ග 3ම, කන්න 3කට පස්සේ තමයි මඩ පොහොර ටික දෙන්නේ. යුරියා සාධාරණ මිලකට නිසා ප්‍රමාණයට ලබාදෙන්නේ.”

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...