32 C
Colombo
Monday, May 6, 2024

කොවිඩ් සිරුරු භූමදානයට ඉරණතිව් තෝරාගැනීමෙන් ජාතිවාදයක් ඇතිවෙන්න පුළුවන්

- Advertisement -

කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මිය යන මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ භුමිදානය සඳහා කිළිනොච්චිය, ඉරණතිව් දුපත තෝරා ගැනීමේ තිරණය මගින් ජාතිවාදයක් ඇතිවිය හැකි යැයි ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සඳහන් කරනවා.

කොවිඩ් 19 වෛරසය වැළදී මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ භූමීදානය සඳහා කිළිනොච්චිය ඉරණතිව් දුපත තෝරා ගත් බවට අද (02) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ දැනුම්දීම පිළිබඳව ප්‍රතිචාර දක්වමින් රවුෆ් හකීම් මහතා මෙම අදහස් පලකළා.

හකීම් මහතා පෙන්වා දෙන්නේ මෙම තීරණය මගින් කොවිඩ් මරණ භූමදානය සම්බන්ධයෙන් රජය මීට පෙර ගෙන තිබු ස්ථාවරය නිවැරදි යැයි පෙන්වීමට උත්සහ ගෙන ඇති බවයි.

දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් රජයේ මෙම තීරණය පිළිබඳව ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමේ අරමුණින් ආණ්ඩුව ඉරණතිව් දුපත හදුන්වා දී ඇති බවත් දෙමළ ජනතාව මේ සම්බන්ධයෙන් ඉතා අවබෝධයෙන් කටයුතු කළ යුතුව ඇති බවත්ය.

RECENT ARTICLES - SINHALA

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

වීසා ගාස්තුවල වෙනසක් නෑ

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...