28 C
Colombo
Sunday, May 5, 2024

රටේ අනාගත සෞඛ්‍ය ගැන බරපතළ අනාවරණයක්

- Advertisement -

ආර්ථික අර්බුදය හමුවේ සෞඛ්‍ය අංශයේ ඉහළ නිපුනතා සහිත පිරිස් රටින් පිටතට සංක්‍රමණය වීමේ ප්‍රවනතාවය ඉහළ යාම හේතුවෙන් ඉදිරි කාල සීමාව තුළ මෙරට මහජන සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැඩි බලපැමක් ඇති කළ හැකි බවට නවතම අනාවරණයකින් හෙළිව තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ අනාවරණයකදී මේ බව හෙළිව ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ඉහළ නිපුණත්වයක් සහිත වෛද්‍ය වෘත්තිකයන් සහ විශේෂඥයින් රට තුළ රදවා ගැනිමට ඉතා ඉක්මන් ප්‍රතිපත්තිමය ප්‍රතිචාරයක් ගැනිමේ අවශ්‍යතාවය මහ බැංකුව විසින් අවධාරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ සේවකයින් ඇතුළු රාජ්‍ය සේවකයින්ට වසර 5ක වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමට රජය තීන්දු කර තිබුණා.

ජය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ නිපුනතා සහිත වෘත්තිකයින්ගේ හිඟය සැලකිල්ලට ගනිමින් අතුරු ප්‍රතිපත්තියක් ලෙස වෛද්‍ය උපදේශකවරුන්, රජයේ වෛද්‍ය නිලධාරින්, දත්ත ශල්‍ය වෛද්‍යවරුන්, ලියාපදිංචි වෛද්‍ය නිලධාරින් විශ්‍රාම යන වයස් සිමාව 2022 වර්ෂයේ දෙසැම්බර් මස 12 වනදින සිට ක්‍රියාත්මක වන පරිදි වසරකින් දිර්ඝ කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...