26 C
Colombo
Friday, May 17, 2024

කරුවලගස්වැව වනයක තිබී අස්ථි කොටස් සොයා ගනී

- Advertisement -

අනුරාධපුර පුත්තලම මාර්ගයේ මී ඔය පාලම අසල කැලෑවක තිබී මිනිස් හිස් කබලක් සහ අස්ථි කොටස් කිහිපයක් සොයාගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය පවසනවා.

මී වද කැඩිමට වනයට ගිය පුද්ගලයින් දෙදෙනෙකු හට මෙම අස්ථි කොටස් නිරීක්ෂණය වීමෙන් අනතුරුව ඔවුන් පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

ඒ අනුව එම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා කිරීමේදී පිලිස්සී ගිය මුදල් පසුම්බියක්, ජංගම දුරකථනයක් ,උල් පිහියක් සොයාගෙන තිබෙනවා .

යාබද ගසක එල්ලෙමින් තිබූ තොණ්ඩුවක් ද පොලිස් නිළධාරීන්ගේ නිරීක්ෂණයට ලක්වී තිබුණා.

මෙය සියදිවි හානි කරගැනීමක් ද මිනී මැරුමක් ද යන වග සෙවීමට කරුවලගස්වැව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

රතුපස්වල නඩුවේ තීන්දුව අද

මීට වසර 11කට පෙර එනම් 2013 අගෝස්තු පළමු වැනිදා වැලිවේරිය නගරයේ දී කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පැවැති නඩුවේ තීන්දුව අද (17) උදෑසන ගම්පහ මහාධිකරණයේ...

අගමැති හා මැතිවරණ කොමිසම අතර හමුවක්

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පවතින බාධා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේදී ‍සිදුකරන නීති සංශෝධනයකින් බව මැතිවරණ කොමිසම පවසනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකදී...

ඕනම කෙනෙක් එක්ක සාකාච්ඡා කරන්න මම සුදානම්-ජනපති

සාකච්ඡා කිරීමට සූදානම් ඕනෑම අයෙකු සමග තමන් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් පිරිසක් සමග...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...