28 C
Colombo
Monday, May 6, 2024

ශ්‍රීලංකන් ගුවන් සේවය ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය සඳහා සහය දක්වයි

- Advertisement -

පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා යුද හමුදාවේ ‘තුරුලිය වෙනුවෙන් අපි’ ව්‍යාපෘතියට සහය වෙමින් වනාන්තරයක අක්කර භාගයක ප්‍රමාණයක් නැවත වගා කර වසර 3 ක් යනතෙක් නඩත්තු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ද පසුගියදා සිය දායකත්වය ලබාදෙන ලදී.

2021 පෙබරවාරි 20 වන දින ශ්‍රී ලංකා යුද හමුදාවේ 54 වන පාබල සේනාංකය විසින් පැල නැවත සිටුවීමේ ස්ථානය වන“Sinathnagar”   හි දී මෙම අරමුදල් නිල වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවට භාර දුන් අතර එම උත්සවය මන්නාරමේ දී සංවිධානය කර තිබිණි. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, වෘත්තීය සමිති සහ ගුවන් සමාගමේ පරිසර ඒකකයේ නියෝජිතයින්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙම උත්සවය නියෝජනය කළහ.

විල්පත්තු ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටි හෙක්ටයාර් 2000 ක වනාන්තරක් නැවත වගා කිරීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන ලද ‘තුරුලිය වෙනුවෙන් අපි’ වගා වැඩසටහන සඳහා 2019  වසරේ පරිසර දිනයේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල ද සිය සහයෝගය ලබාදෙන ලදී.  

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...