32 C
Colombo
Sunday, May 5, 2024

ජාත්‍යාන්තර කාන්තා දිනයේ කෙටි චිත්‍රපටයක් බලන්න

- Advertisement -

බලාපොරොත්තු කන්දක් එක්ක ජීවිතේ ගෙවෙන තත්පරයක් ගානේ අනාගතය වෙනුවෙන් අපි මවන හීන වෙනුවෙන් මහේල හෙට්ටිආරච්චි දැනෙන නිර්මාණයක් කරලා තියෙනවා.මහේල ලියන වචන වල රසිකයෙක් විදිහට ලොකු බලාපොරොත්තුවක් තිබුනා ඒ ලියැවුණු වචන තරම්ම ලස්සන නිර්මාණයක් දකින්න ලැබේවී කියලා.ඒ බලාපොරොත්තුව නොබිඳී රකින්න මහේල ට වගේම සහයට හිටපු පිරිසට පුළුවන් උනා.
“එයාට තියෙන්නේ අයිති කරගන්න උවමනාවක්.
මට තියෙන්නේ ජීවිතය ගැන ඉපදිච්ච අමුතු බයක්…!”
එහෙම පටන් ගත්තු කතාව අවසානයේදී අපි හැමෝම ජීවත් වෙන්නේ ජීවිතේ ගැන ගොඩ ගහගත්තු මහා හීන ගොඩක් එක්ක වගේම ඒ හීන කොයි මොහොතකදී සුනු විසුණු වෙලා යාවිද කියලා කියන්න බැරි තරම් අවිනිශ්චිත ලෝකයක් ඇතුලෙ නේද කියලා මට හිතුනා.
වැඩියෙන්ම සතුටු හිතුණු තව තැනක් තමයි කෙටි චිත්‍රපටය අවසානයේදී දකින්න ලැබුනු ගෞතම් මෙනන්,අල්පොන්ස් පුත්‍රේන් වගේ ආදරණීය සිනමා කරුවන්ට තමන්ගේ “ස්නේහ” වෙනුවෙන් ලබා දුන්නු ස්තූතිය…..!
ආදරණීය මිනිස්සුන්ට ආදරණීය නිර්මාණ බිහි කරන්න ආදරණීයයන්ගෙන් ලැබන ආභාශය තරම් වටින දෙයක් තවත් නැහැ.
ස්නේහ බලන්න…..

– අනුජ වික්‍රමසිංහ –

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...