32 C
Colombo
Tuesday, May 7, 2024

හැමෝම ඉන්නේ කළකිරීමෙන් – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

- Advertisement -

පවත්තා තත්ත්වයෙන් ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කළහොත් තමන් ඇතුළු ආණ්ඩුව බලයට පත්කල පාර්ශවයන් හට මහා කැරැල්ලකට මුල පිරීමට සිදුවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කරනවා.

කේලම් බස් අසා පුද්ගලයින් මාරු කරන තත්ත්වයකට මේ වන විට ආණ්ඩුව පත්ව ඇති බවත්, ඒ අනුව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තණකොළ කැපීමටද වෛද්‍ය අමල් හර්ශ මහතා පුන්නක්කු දියකිරීමට යොදා ඇති බවත් උන්වහන්සේ මාධ්‍ය අමතමින් සදහන් කළා.

මේ පිළිබදව අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතාගෙන් කල විමසීමේදි ඔහු නිරුත්තර වූ බවද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පැවසුවා.

වර්තමාන ආණ්ඩුව පිළිබදව කළ නොකිරුණු පුද්ගලයෙක් සොයාගැනීමට නොහැකිවීම කිසාගෝතමියට කිසිවෙකුත් නොමළ ගෙයකින් අබ මිටක් සොයාගැනීමට නොහැකිවීමට සමාන යැයිද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපතිවරණය තියන්න අපි දැනටමත් තීරණය කරලා ඉවරයි – ප්‍රසන්න

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය මිස මේ වසරේ වෙනත් මැතිවරණයක් නොමැති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා. එහෙත්...

වෙල්ගම අසනිපෙන්

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට මාස තුනක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද (7) අනුමත කර තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙල්ගම මහතාටමාස...

Breaking: විජේදාසගේ වාරණ නියෝගයට එරෙහි පෙත්සමට අධිකරණය දුන් නියෝගය

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියම කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...