29 C
Colombo
Tuesday, May 7, 2024

ජාත්‍යන්තර ගැටළුවක් වූ සිංහ ධජ පාපිස්නාව

- Advertisement -

ශ්‍රී ලංකාවේ ජාතික ධජය ඇතුළත් කර නිෂ්පාදනය කරන ලද, ‘Sri Lanka Flag Non-Slip Doormat’ ලෙසින් Amazon වෙබ් අඩවිය හරහා මිලදී ගැනීමට තිබූ පාපිස්නාවක් පිළිබඳව පසුගිය දින කිහිපයෙහි දැඩි කතාබහකට ලක්වුණා.

විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ අදාල පාපිස්නාව Amozon වෙබ් අඩවිය හරහා අලෙවි කිරීමට කටයුතු කර ඇත්තේ චීනයේ නිෂ්පාදකයෙක් බවයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ධජය පාපිස්නාවක් ලෙසින් දැක්වෙන වෙළෙඳ දැන්වීම සම්බන්ධයෙන්, චීනයේ අදාළ නිෂ්පාදකවරයා සම්බන්ධ කර ගන්නා ලෙසට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත දැනුම් දී ඇති විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා, ඒ පිළිබඳව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ අවධානයද යොමු කර තිබෙනවා.

එමෙන්ම, ඇමසෝන් හි වෙළෙඳ ප්‍රචාරණ වෙබ් අඩවිය සමග මෙම කාරණය පිළිබඳ පසු විපරමක් සිදු කරන ලෙසට වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද උපදෙස් ලබාදුන් බවද වාර්තා වනවා.

මේ අතර චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අද (13) නිවේදනය කළේ ශ්‍රී ලංකාව චීනයෙන් කළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකා ධජය සහිත පාපිසි අලෙවි කිරීමට ඇති දැන්වීම සිය වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට Amozon ආයතනය කටයුතු කර ඇති බවයි.

මේ අතර චීන තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ ඕනෑම රට ජාතික ධජය එරට සංකේතයක් බව චීනයේ ස්ථාවරය බවත් එයට සම්පූර්ණයෙන්ම ගරු කළ යුතු බවත්ය.

අදාල සිදුවීම පිළිබඳව විමර්ශනය කිරීම හා ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා අදාළ චීන බලධාරීන් වෙත දැනුම් දී ඇති බවත් විවිධ රටවල වෙළෙන්දන් විසින් නිෂ්පාදනය කරනු ලබන විවිධ ජාතීන්ගේ ධජ සහිත සමාන නිෂ්පාදන දහස් ගණනක් ඇමසන් වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බවද තානාපති කාර්යාලය පවසයි.

ද්විපාර්ශ්වික ක්‍ෂේත්‍රවල හෝ ජාත්‍යන්තර වේදිකාවලදී කුමක් වුවත්, දශක ගණනාවක් තිස්සේ චීනය ශ්‍රී ලංකාවේ සාමය, සමෘද්ධිය සහ ගෞරවය වෙනුවෙන් ගරු කරමින් සහයෝගය ලබා දී ඇති බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරනවා.

RECENT ARTICLES - SINHALA

ඒකල කර්මාන්තශාලාවක ගින්නක්

ඒකල ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ අද (07)පස්වරු 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. ගිනි නිවීමේ රථ 3ක් යොදවා මේ...

රූපවාහිනියට කඩා පැන්න සිදුවිමට මර්වින්ට ඇප

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙකුට බැණ පහරදී තර්ජනය කළේ යැයි චෝදනාලත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්...

මහබැංකුවට කෝටි 100ක පාඩුවක්

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා තිබෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසුවා. ඔවුන්...

POPULAR ARTICLES

වාහන ආනයන බලපත්‍ර හිමිවන රාජ්‍ය සේවකයින් මෙන්න

වයස අවුරුදු 60 සම්පුර්ණවීමෙන් පසුව විශ්‍රාම ගිය ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අධිකරණ ජේෂ්ඨ නිලධාරීන් සඳහා තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමට රජය තීරණය...

ග්‍රාම නිලධාරී නව බඳවා ගැනීම් ගැන දැනුම්දීමක්

ග්‍රාම නිලධාරී 3 වන ශ්‍රේණියේ නව බඳවා ගැනීමේ නාම ලේඛනය ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අද (06) නිකුත් කර තිබෙනවා. ස්වදේශ කටයුතු රාජ්‍ය...

පෙම්වතියගේ නිවසට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

පෙම්වතිය බැලීමට ගොස් අතුරුදන් වූ කුලියාපිටියේ පදිංචිව සිටි තරුණයාගේ මළ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ...