33 C
Colombo
Sunday, May 5, 2024

කදුලු අතරින් සිනාසුනු අහිංසකාවිය

- Advertisement -

2012 වසරේ මට නිතරම හැදුන නොයෙක් අසනීපයන් නිසා සහ උදරයේ ඉදිමීම නිසා මම රෝහලින් නිතර නිතර බෙහෙත් ගැනීමට සිදු වූවා.

මේ නිසාම අක්මාවේ ගැටලුවක්දැයි සැකයට මගේ වෛද්‍යවරයා එය පරික්ෂාවට ලක් කරනු ලැබුවා.

දින කිහිපයකින් එහි ප්‍රතිඵලය කියන්නට මාව ගෙන්වූ අතර මා හට වැලදී ඇත්තේ දරුණු ඩිම්බකෝෂ පිළිකාවක් බව කියූ සැනින් මට සිහිසුන් වූ බව අද වගේ මට මතකයි.
කුමක් කරන්නද කියා සිතා ගත නොහැකි වූ මම මගේ එකම සැනසීම වූ මගේ මව වැලදගෙන හැඩීම දින ගනනක් සිදු කරත් සත්‍යට මම මුහුන දිය යුතු බව මට වැටහුනා.

සිහින් සිරුරකින් සුන්දරව තිබූ මගේ ශරීරය විශාල උදරයක් සමග විරූපී වී තිබුනා.

බොහෝ දෙනා අහිංසක යැයි කියූ මගේ නෙත් අසල කළු ලප මතුවූ තිබුණා.

සත්තකින්ම මා මගේ මුහුණ කන්නාඩියකින් බැලීමට පවා අකමැතිවූවේ ඒ වූ විරූපී උවන නිසායි.

නේපාලයේ කත්මණ්ඩු නුවර පිහිටි රෝහලේ වෛද්‍යවරිය සහ පවුලේ අය මට කෙතරම් හොදින් උවටැන් කලත් දෙවියනේ මගේ හිත හදා ගන්නට මට තරමක් අපහසු වූවා.

මට චිත්‍රපටවල මතකයි කෙනෙකුට පිළිකාවක් ඇත්නම් වෛද්‍යවරු එය කපා දමනු ඇති අතර පසුව ඔවුන් හොඳින් සිටින බව.

ඒ නිසාම මම ඇහුවා වෛද්‍යවරියගෙන් එය කපා ඉවතට විසි කළ නොහැකිද කියලා.

නමුත් ඒ වනවිටත් අවාසනාවකට මෙන්, රෝගය 4 වන අදියරෙහි පසුවූ අතර එයින් අදහස් කළේ එය වෙනත් අවයව වලටද ව්‍යාප්ත වී ඇති බවයි.

මම බොලදියක් මෙන් හැසිරෙන බව මටම වැටහුනා.

පවුලේ අය තීරණය කලේ මම ලෝකයේ සිටින හොදම වෛද්‍යවරයා වෙත යොමු කිරීමටයි.

අවසානයේ ඔවුන්ගේ බලකිරීම මත එක්සත් ජනපදයට යෑමට මම තීරණය කළා.

මගේ මවට එක්සත් ජනපදයේ වෛද්‍යවරුන් වන මිතුරන් සිටින අතර, නාරිවේද පිළිකා සඳහා ඉහළම ශල්‍ය වෛද්‍යවරයා පිළිබඳ ඔවුන් ඇයට පවසා තිබුනා.

ඔහු නමින් වෛද්‍ය Dennis S. Chi වූ අතර, මම ඔහුගෙන් ඇසුවා ඔබ මගේ වැනි පිළිකාවක් ඇති කෙනෙකුට ශල්‍යකර්මයක් කර තිබේද කියා.
ඔහු පිළිතුරු දෙමින් ඔව් ඇය ජීවතුන් අතර හොඳින් ඉන්නවා කීවා.

ඒ මොහොතේ “මට හුස්ම ගන්න පුළුවන්, මම නිවැරදි වෛද්‍යවරයා සමඟ සුදුසු තැනක සිටින බව මට විශ්වාසයි” මම සිතින්ම මෙනෙහි කළා.

ඔහු සහ ඔහුගේ සහයකයින් මට අපූරු පොත් කිහිපයක් ගෙනත් දුන්නා.

බුදුන් උපන් දේශයේ මා හැදී වැඩුනත් නිර්මල වූ බුදුදහමේ නිවැරදි ඉගැන්වීම මා හරිහැටි දැන උන්නේ නැහැ.

සියලු දේ අනිත්‍ය බවත් සතුට යනු කුමක්ද යන්න බවත් මනස ශක්තිමත්ව තියා ගැනීමට වූ භාවනා විදි ගැනත් මා ඔවුන්ගෙන් සහ පොත් වලින් උගෙන ගත්තා.

ජීවිතය අවසානයේ මම ජය ගත්තා.

මම මුළුමනින්ම සුව වූ බව නොපැවසුවත් මා සුව වී ඇති බව ඔවුන් මට අවසානයේ සතුටින් පැවසූ අයුරු මට අදටත් මතකයි.

මගේ සුන්දර වූ රුව ඒ වනවිටත් වියකී අවසන්.

නමුත් ඉස්සර මගේ රුව මා කැඩපතින් බැලීමට පවා අකමැති වූවාමුත්, දැන් ඕනෑම අවස්තාවක ඔබ ඉදිරියේ පවා දෙපයින් නැගී සිටීමට මට ශක්තිය දැන් ඕනෑවටත් වඩා ඇති බව මා දන්නවා.

මම..
මනීෂා කොයිරාල…

– MMP රණවීර –

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...