27 C
Colombo
Monday, May 6, 2024

සතියට දිනයක් හෝ පොහොයට පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි

- Advertisement -

බෞද්ධයන් ලෙස සතියකට දිනයක් හෝ අවම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පුත්තලම, මාදම්පේ ගල්මුරුව ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60ක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය, ප්‍රතිසංස්කරණය කොට සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (14) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළකළා.

“අපේ තරුණ දූ දරුවන් ආගමික කටයුතුවලට දායක කරගනිමින් නොමග නොයන ලෙස වගබලා ගතයුතුයි. එසේ නොවුණොත් සිදුවන්නේ විශාල විනාශයක්. දරුවන් දහම් පාසල් යැවීම බෞද්ධ ජනතාවට අනිවාර්ය කළ යුතුයි. අනෙකුත් ආගම්වල ඒ කටයුතු නිසි පරිදි සිදුවෙනවා. අද බෞද්ධයන් පන්සල් නොයන තැනකට පත්වෙලා. නමුත් අනිත් ආගම්වල අනිවාර්යයෙන් ඉරිදා පල්ලි යනවා. බෞද්ධයන් ලෙස අපි සතියකට දිනයක් හෝ අවම වශයෙන් පොහොයකට හෝ පන්සල් යෑම අනිවාර්ය කළ යුතුයි. පන්සල සමග ඇති සබඳතාව දරුවන් තුළ වර්ධනය කළ යුතුයි. එසේ නොවුණොත් ගමත් පන්සලත් ඈත් වෙනවා. සමාජය නිවැරදි මගක ගෙනියන්න නම් ගමත් පන්සලත් එකට පවත්වාගෙන යා යුතුයි. මෙි විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින්වහන්සේ පන්සල දියුණු කරන්න කැපවී කටයුතු කිරීම අගය කළ යුතුයි. ගමේ පන්සල තමයි ගමේ කේන්ද්රස්ථානය. ගමේ ජනතාවට පන්සල සමග කටයුතු කරන්නට අවස්ථාව සලසා දීලා ජනතාව යහපත් ජීවිතයකට හුරු කරවීම අපේ වගකීමක්. මේ ප්‍රදේශයේ විවිධ ජාති ආගම් අදහන ජනතාවක් ඉන්නේ. ඔබේ ප්‍රදේශයේ සාමූහික සුහදතාව ලෝකයට ම ආදර්ශයක්. අද වන විට අපි ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් රට සංවර්ධනය කිරීමේ වැඩකටයුතු කරමින් යනවා. රටේ සංවර්ධනය කාර්යයන් නිසි පරිදි ඉදිරියටත් ඉටුකරනවා.”

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...