32 C
Colombo
Sunday, May 5, 2024

සමියා සුලූහු හසන් ටැන්සානියාවේ පළමු කාන්තා ජනාධිපතිනිය බවට පත්වේ

- Advertisement -

ටැන්සානියාවේ නව ජනාධිපති හා පළමු කාන්තා ජනාධිපතිනිය ලෙස සමියා සුලූහු හසන් (Samia Suluhu Hassan) 2021 මාර්තු 19 වන දින වාණිජ අගනුවර වන ඩාර් එස් සලාම්හි රාජ්‍ය මන්දිරයේදී දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සම්භාවනීය අමුත්තන් ඉදිරියේ කළු ඇඳුමකින් හා රතු හිස් වැස්මකින් සැරසී හසන්, ටැන්සානියාවේ ව්‍යවස්ථාව අවංකව හා කීකරු වී ආරක්ෂා කිරීමට පොරොන්දු වෙමින් මෙලෙස ජනාධිපති ලෙස දිව්රුම් දීම සිදුවුයේ ඇගේ පූර්වගාමියා වූ හිටපු ජනාධිපති ජෝන් පොම්බේ මගුෆුලිගේ(John Pombe Magufuli) හදිසි අභාවයෙන් පසුව ය.ටැන්සානියාවේ දින 21ක ජාතික ශෝක කාලයක් මේ වන විට ප්‍රකාශ කර ඇති අතර පිටුවහල් කරන ලද විපක්ෂ නායක ටුන්ඩු ලිසු පසුගිය සතියේ කියා සිටියේ ජනාධිපතිවරයා COVID-19 ආසාදනය වී මිය ගිය බව වුවද හෘද රෝගයක් හේතුවෙන් ජනාධිපති මගුෆුලිගේ මරණය සිදු වී ඇති බව වාර්තා වේ.

පළාත් පාලන ආයතනවල සිට ජාතික සභාව දක්වා වසර 20 ක දේශපාලන ජීවිතයක් මේවන විට ගත කර ඇති 61 හැවිරිදි හසන්, පාලක චමා චා මාපින්දුසි (සීසීඑම්) හි ප්‍රබලවරියක වන අතරම මාගුෆුලිගේ උප ජනාධිපතිවරයා විය. ටැන්සානියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, උප ජනාධිපති ධුරයේ දී මිය යන ජනාධිපතිවරයෙකුගේ ධූර කාලය ඉතිරි වේ. 2015 දී ප්‍රථම වරට තේරී පත් වූ මාගුෆුලි පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී දෙවන පස් අවුරුදු ඡන්දය ලබා ගත්තේය.ඒහේතුවෙන් 2025 ඔක්තෝබර් මාසයෙන් අවසන් වන මැගුෆුලිගේ ධුර කාලය ඉතිරි සිව් වසර තුළ ඇය සේවය කරනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

ටැන්සානියාවේ නායකත්වයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සමියා සුලූහු හසන් ඇයගේ පළමු ප්‍රසිද්ධ දේශනයේදී හිටපු ජනාධිපති ජෝන් මගුෆුලිට හැඟීම්බර උපහාරයක් වෙමින් පැවසුවේ එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමට කාලය නොව, දෑත් අල්ලාගෙන ජනාධිපති මගුෆුලි අපේක්ෂා කළ නව ටැන්සානියාව ගොඩනැගීමට ඉදිරියට යා යුතු බවයි. සැමවිටම ඉගැන්වීමට කැමති මැගුෆුලි තමා ඉදිරි කර්තව්‍යයට සූදානම් කර ඇති බව පැවසු ඇය ජාතිය එක්සත් කිරීමට කටයුතු කරන ලෙස රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් විචාරකයන් සමියා සුලූහු හසන්ව පෙන්වා දෙන්නේ මෘදු ලෙස කථා කරන සම්මුතියක් ගොඩනඟන්නෙකු ලෙසය. ඇගේ නායකත්ව විලාසය දිවංගත ජනාධිපතිවරයාට වඩා බෙහෙවින් වෙනස් බවත් පවසන ඔවුන් ඇය වැඩි වශයෙන් උපදෙස් වලට ඇහුම්කන් දෙන බවත් ඒකපාර්ශ්වික තීරණ ගන්නා කෙනෙකු නොවන බවත් මතදරයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...