26 C
Colombo
Tuesday, May 7, 2024

ඔබගේ ජංගම දුරකතනයේ දත්ත සොරාගැනීමට ආණ්ඩු භාවිතා කරන Pegasus App එක ගැන දැනුවත්ද?

- Advertisement -

ඊශ්‍රායල තාක්ෂණික කණ්ඩායමක් වන NSO විසින් නිර්මාණය කරන ලද පෙගසස් නමැති යෙදුම Android හා IOS දුරක;නවලට බලපෑම් කිරීමට සමත් ජංගම දුරකතන යෙදුමකි.

මේ හරහා හැකර්වරුන්ට දුරකතනයේ කැමරාව, මයික්‍රොෆෝනය, ලිපිගොනු, ඡායාරූප සහ ඊමේල් තුළට ප්‍රවේශ විය හැකිය.

මෙම මෘදුකාංගය මගින් ජංගම දුරකතන භාවිතා කරන්නෙකුට WhatsApp ඇමතුමක් හෝ SMS එකක් යැවීමෙන් අදාළ දුරකථනයේ දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත් කළ හැකි වේ.

ඒ මොහොතේ සිටම ජංගම දුරකතනයේ දත්ත අනාරක්ෂිත තත්ත්වයට පත් වීම මෙහි ඇති අනතුරුදායක තත්ත්වයයි.

ජංගම දුරකතන දත්ත මෙලෙස සොරාගන්නා Pegasus යෙදුමෙන් ඉවත් වීමට ඇති එකම ක්‍රමය, අදාළ දුරකතනය භාවිතයෙන් ඉවත් කිරීම පමණයි.

අලුතින් ජංගම දුරකතනයක් භාවිත කරන්නට පටන් ගත් විට පවා, මින් පෙර භාවිත කළ Google” Whatspp සහ Facebook ගිණුම් ඔස්සේ නව දුරකතනය ද ආක්‍රමනය කිරීමේ හැකියාවද මෙම මෘදුකාංගය සතු වනවා.

‘Pegasus’ යෙදුම භාවිත කරන සෞදි අරාබිය, මෙක්සිකෝව, ඉන්දියාව වැනි රටවල ආණ්ඩු පවසන්නේ තම රටේ ආරක්ෂාවට එල්ලවන තර්ජන නැවැත්වීම සඳහා මෙය යොදා ගන්නා බවය.

නමුත් එය සිවිල් සමාජ ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නන්ට එරෙහිව යොදා ගන්නා අවස්ථා ද වාර්තා වනවා.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...