32 C
Colombo
Wednesday, May 15, 2024

කහ උණ එන්නත ගන්න 5000 ක් පෝලිමේ

- Advertisement -

අප්‍රිකානු රටවල සේවයට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින  5000කට ආසන්න පිරිසක් කහ උණ සඳහා එන්නත නොමැතිව විශාල ගැටලුවකට මුහුණ පා තිබෙනවා.

අප්‍රිකානු රටවලට යන පුද්ගලයන් සඳහා සෞඛ්‍ය හේතු මත මෙම එන්නත ලබාගැනීම අනිවාර්ය වන අතර එය ලබා ගැනීම සඳහා ඇති පෝලිම දිනෙන් දින වැඩි වෙමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා .

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක පවසන්නේ එන්නත් 7500ක් ඇණවුම් කර ඇතත් ඒ සඳහා සැපයුම්කරුවන් තවමත් ඉදිරිපත් වී නොමැති බවයි.

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ එම එන්නත් 3000ක් පමණ ළඟදීම  පැමිණීමට නියමිත  බවද  ඔහු සඳහන් කළා.

මේ අතර ඩොලර් ඉපයීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණයන් සහතික ළඟ තබාගෙන කහ උණ එන්නත නොමැතිව  බලා  සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයට එන්නත ගෙන්වීමට නිසි වැඩපිළිවෙලක් නොමැති බවත්  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා  පවසනවා.

ඔහු තවදුරටත් සඳහන් කළේ තත්වයෙන් බාල  ඖෂධ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ  තොග පිටින් රැස් කර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මහජන උපයෝගිතා කොමිසමේ ලොක්කෝ එළවන්න සේවකයෝ පාරට බැහැලා

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වත්මන් සභාපති ඇතුළු සාමාජිකයින්ගේ ධූර කාලය දිගු නොකරන ලෙස ඉල්ලමින් මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ආණ්ඩුක්‍රම ව්‍යස්ථා...

ඕලෙවල් ලියන අයට නිදහස් ලකුණු දෙකක්

පැමිණිලි ලැබුණු අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, විද්‍යා...

හමුදාපතිට අපහාස කළ බව කියන නාලිකාවකට ඔන්ලයින් පනතෙන් තහනමක්

යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් අසත්‍ය හා අපහාසාත්මක වීඩියෝ හා ප්‍රකාශ බෙදා හැරීම වළක්වාලමින් සමාජ ජාලා මාධ්‍ය ක්‍රියාකාරිකයකුට හා යු ටියුබ්  නාලිකාවට එරෙහිව තහනම් ආඥාවක් නිකුත්...

POPULAR ARTICLES

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

නෙළුම් කුළුණෙන් පැන්න විදේශිකයෙක් වහලය උඩට වැටිලා

කොළඹ, නෙළුම් කුළුණේ බේස් පැනීමේ ඉසව්ව (Base Jump) අත්විඳිමින් සිටි විදේශිකයෙකු එම ඉසව්ව අතරතුර දී ඉන් ඇද වැටීමෙන් තුවාල ලබා තිබෙනවා. විදේශිකයාගේ පැරෂුටය විවෘත වීම...