27 C
Colombo
Monday, May 6, 2024

‍ටෙලිනාට්‍ය නළු ගයාන් වික්‍රමතිලකව දුටු තැන ඇල්ලීමට වරෙන්තු

- Advertisement -

නඩත්තු නඩුවකට අදාළව තම බාල වයස්කාර දරුවන් දෙදෙනා හට අධිකරණය විසින් ගෙවීමට නියම කළ නඩත්තු මුදල් වසර පහක පමණ කාලයක සිට පැහැර හැර ඇති බව කියන ගයාන් ප්‍රසාද් වික්‍රමතිලක යන අයට පසුගිය මස සිතාසි නිකුත් කිරීමට මහර මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් තව දුරටත් උසාවියට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුව දුටු තැන අල්ලා අත්අඩංගුවට ගැනීමට කඩවත මහේස්ත්‍රාත්වරයා පෙරේදා (22) නියෝග කළා.

වයස අවුරුදු 10 සහ 11 යන වයස් කාණ්ඩවල පසු වන දරුවන් දෙදෙනාගෙන් එක් අයකුට රුපියල් 15,000 බැගින් වු රුපියල් 30,000 ක් ගෙවීමට 2013 දී අධිකරණය විසින් නියම කර තිබුණ ද මෙම තැනැත්තා පසුගිය 2016 වර්ෂයේ සිට මේ දක්වා මෙම වන්දි මුදල් ගෙවීම පැහැර හැර තිබෙනවා.

ඉකුත් පෙබරවාරි මස 5 වැනි දා නඩුව කැදවු අවස්ථාවේ දී මහෙස්ත්‍රාත්වරයා විසින් මෙම වගඋත්තරකාර තැනැත්තා හට සිතාසි නිකුත් කර තිබුණ ද නඩුව නැවත කැදවු අවස්ථාවේදී මොහු අධිකරණය හමුවේ පෙනී සිට නැහැ.

ඊට පසු පෙබරවාරි මස 22 දා ද නඩුව කැදවන විට ඔහු අධිකරණයේ පෙනී සිටීම මගහැර තිබෙනවා.

ඉල්ලුම්කාරිය වෙනුවෙන් සුදර්ශන වික්‍රමරත්න මහතා පෙනී සිටි අතර ඔහු චෝදනා කලේ විත්තිකරු දේශපාලන රැකවරණ ලබන බැවින් උසාවිය මඟහැර සිටින බවයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...