28 C
Colombo
Saturday, May 4, 2024

කොවිඩ් මරණ භූමදානයට එරෙහිව සංවිධාන කිහිපයක් මානව හිමිකම් කොමිසමට

- Advertisement -

සිංහල රාවය, සිංහලේ සංවිධානය, බෞද්ධ තොරතුරු කේන්ද්‍රය වැනි සංවිධාන කිහිපයක් කොවිඩ් 19 ආසාදිතව මිය ගිය පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට විරෝධය පා ඊයේ (24) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අදාල පැමිණිල්ල මඟින් ඔවුන් ඉල්ලා ඇත්තේ 2021.02.25 දිනැති අංක 22/6/38 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන ලෙසයි.

එහෙන්ම 2020.04.11 දිනැති අංක 2170/08 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ සදහන් පරිදි අනිවාර්ය ආදාහනය බලාත්මක කිරීම හෝ භූමදානය නතර කිරීම සහ ආදාහනය අනිවාර්ය කිරීමේ නව ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙසයි.

එමෙන්ම කොවිඩ් 19 ආසාදිතව මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කිරීමට සුදුසු වන්නේ දැයි දේශීය වශයෙන් නිසි පරීක්ෂණයක් මගින් තහවුරු කරන තෙක් අදාල මෘත දේහ භූමදානය කිරීමෙන් වළක්වන ලෙසද පැමිණිල්ල මඟින් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...