28 C
Colombo
Saturday, May 4, 2024

සූවස් ඇල හරහට නෞකාවක් හිරවෙයි (වීඩියෝ)

- Advertisement -

ලොව කාර්ය බහුලතම නෞකා ගමන් මාර්ගයක් වන සුවස් ඇල හරහා ටොන් ලක්ෂ 02ක් පමණ බරකින් යුත් භාණ්ඩ අඩංගු නෞකාවක් සිරවීම හේතුවෙන් මේ වන විට එම ඇල හරහා නෞකා ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.

“MV Ever Given” නම් මෙම නෞකාව දිගින් අඩි 1,312ක් වන අතර පළල අඩි 175ක් වන බහාලුම් ප්‍රවාහන නෞකාවක් වනවා.

මෙම නෞකාව සිරවිමත් සමග ඊට පසු පසින් තවත් නෞකා 100 ක් පමණ පෙළ ගැසී තිබෙන බවත් සහන කණ්ඩායම් විසින් සුවස් ඇලේ එක් ඉවුරක් විශාල කරමින් සිරවී තිබෙන “MV Ever Given” නෞකාවට ක්‍රමයෙන් යාත්‍රා කිරිමට හැකිවන ලෙස අවශ්‍ය කටයුතු සකස් කරලීමට දැඩි උත්සහයක නිරතව සිටින බවත් විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

සිරවී තිබෙන නෞකා අතර ඉන්ධන බැරල් මිලියන 13ක් රැගත් නෞකා 10ක් ද වනවා.

මෙම තත්ත්වය සමඟ ලෝක ඉන්ධන වෙළෙදපලේ ඉන්ධන මිල සීයයට 2 කින් ඉහළ ගොස් ඇති අතර ඉන්ධන හිඟයක් ඇතිවද යන්න සම්බන්ධයෙන් බියක්ද ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...