27 C
Colombo
Thursday, May 16, 2024

ජලාශ වල ආරක්ෂිත තත්ත්වය ගැන වාර්තාවක් කැඳවයි

- Advertisement -

දිවයිනේ සියලු ජලාශ, වැව්, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන ආරක්ෂිත තත්ත්වය පිළිබඳව ලබා ගන්නා තාක්ෂණික තොරතුරු මත පදනම්ව ඒවායෙහි සිදු කළ යුතු අලුත්වැඩියා කටයුතු සහ ඒ සඳහා අපේක්ෂිත පිරිවැය ද ඇතුළත්වන වාර්තාවක් සති දෙකක් තුළ තමා වෙත ලබා දෙන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

එම වාර්තාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර කඩිනම්ව ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.

සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ දිවයිනේ සියලුම ජලාශ, වේලි හා ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමාන තත්ත්වය සම්බන්ධව අදාළ රේඛීය ආයතනවල නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේදී අද (18) පැවති සාකච්ඡාවකදී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ විදුලිබල මණ්ඩලයට අයත් සියලුම ජලාශ, වේලි හා එම ජලාශවලින් ජලය රැගෙන යන උමං මාර්ගවල වර්තමානයේ පවතින තාක්ෂණික ආරක්ෂිත තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

මේ පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,

RECENT ARTICLES - SINHALA

ලක්ෂ 80ක් උස්සන්න ගිය පොලීසියේ දෙන්නෙක් ඇතුලු පිරිසක් මාට්ටු

මහනුවර - පූර්ණවත්ත ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ තිබූ රුපියල් ලක්ෂ 80 ක මුදලකට ව්‍යාජ මුදල් දමා එම ව්‍යාපාරිකයා පොලිසියට හසුකොටදී ,මුදල් කොල්ලකෑමට උත්සාහ...

ටිරාන්ගේ දේශපාලන රැස්වීමකට දේශබන්දු බලෙන් පොලීසිය ගෙන්වීමේ සූදානමක්

0
පොලිස් නිලධාරීන්ගෙන් මුදල් එකතු කර, තලවතුගොඩ මොනාර්ච් හෝටලයේ දේශපාලන රැස්වීමක් පැවැත්වීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ ප්‍රධානත්වයෙන් හෙට (17)...

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා පත් කෙරේ

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස ඩබ්ලිව්.ඒ.චූලානන්ද පෙරේරා මහතා පත් කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (විශ්‍රාමික)...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

කුලී කාමරවලට පනින්නත් දේශබන්දුගෙන් සුදානමක්

දිවයින පුරා ඇති නිවාස සහ කාමර කුලියට ගෙන පදිංචිව සිටින අය පිළිබඳව සොයා පොලිසිය විසින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා.නිවෙස් සහ කාමරවල...

යුධ පිටියක් වු කටුගස්තොට

කටුගස්තොට නගරය ආසන්නයේ විවෘත කිරීමට නියමිතව තිබූ මත්ස්‍ය වෙළෙඳ සැළකට කඩා වැදුණු අවිගත් කණ්ඩායමක් ගොඩනැගිල්ලට සහ වාහන දෙකකට පහර දී දැඩි අලාභහානි සිදුකර තිබෙන...