26 C
Colombo
Tuesday, May 7, 2024

වෙන්නප්පුව ASP මාරුකරන ලෙසට අරුන්දික ප්‍රනාන්දු සරත් වීරසේකරට යැවූ ලිපිය මෙන්න

- Advertisement -

මේ වන විට මතභේදයට තුඩුදී තිබෙන වෙන්නප්පුව පොලීසියේ හිටපු සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාව හලාවත මැතිවරණ කොට්ඨාශයෙන් බැහැරට ස්ථාන මාරුවක් දෙන ලෙසට ඉල්ලා පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර මහතාට ලිපියක් යොමුකර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ අදාල පොලිස් නිලධාරියා යහපාලන ආණ්ඩු සමයේ වෙන්නප්පුවේ සහකාර පොලිස් අධිකාරීවරයා ලෙස පත්වීම ලැබූ බවයි.

එමෙන්ම වෙන්නප්පුව ප්‍රදේශයේ කසිප්පු පෙරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන හෙරොයින් මත්කුඩු දමා සාදාගත් චෝදනා මත අදාල පුද්ගලයින් රිමාන්ඩ් කිරීමේ විෂමාචාර සිදුවීම්ද ඔහු කර ඇති බව අදාල ලිපියෙහි සදහන්.

ලිපිය මඟින් අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දශක ගණනාවක් පුරාවටම හොර මත්පැන්වලට ප්‍රසිද්ධියක් උසුලන තම මැතිවරණ කොට්ඨාශයේ ජනතාව අනවසර මත්පැන් පෙරීම සිදුකරමින් සිටින බවයි.

අදාල ජාවාරම්කරුවන් මෙලෙස අත්අඩංගුවට ගැනීමෙන් ඔවුන්ගේ පවුල්වල දරුවන් හා ඔවුන්ගෙන් යැපෙන්නන් දැඩි අපහසුතාවට සහ මානසික පීඩනයකට ලක්වන බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා හට ලිපියෙන් දැනුම්දී තිබෙනවා.

එබැවින් මෙම විෂමාචාරවලට සම්බන්ද සහකාර පොලිස් අධිකාරීවරයා සහ පොලිස් පරීක්ෂක දක්ෂිණ, උප පොලිස් පරීක්ෂක මධුසංක හා උප පොලිස් පරීක්ෂක ගිහාන් යන අයව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වා හලාවත මැතිවරණ කොට්ඨාශයෙන් බැහැරට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස අදාල ලිපියෙන් අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...