33 C
Colombo
Sunday, May 5, 2024

අවුරුදු උත්සව සඳහා සෞඛ්‍ය උපදෙස් දෙද්දී ජනතාව රෙදි කඩවල පොරකති

- Advertisement -

එළැඹෙන උත්සව සමය සඳහා සෞඛ්‍ය අංශ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර කොවිඩ් තුන්වන රැල්ලක් ඇතිවීමේ අවධානමෙන් මහජනතාව ගලවා ගැනීමට කටයුතු කරන විට ජනතාව මේ වන විට නිමි ඇඳුම් කඩවල පොරකමින් සිටින තත්ත්වයක් උද්ගතව පවතිනවා.

නව වසර සඳහා අළුත් ඇඳුම් ගැනීම උත්සව සමයේ සාමාන්‍ය තත්ත්වයක් වුවත් පවත්නා සෞඛ්‍ය අවධානම් තත්ත්වයද නොතකමින් මහජනතාව කටයුතු කරන බව මේ වන විට සුලබව දක්නට ලැබෙනවා.

නිමි ඇඳුම් අලෙවිය සඳහා ප්‍රසිද්ධ නගර වන කිරිබත්ගොඩ, මහරගම, නිට්ටඹුව, මහනුවර, ගාල්ල, නුගේගොඩ යන නගරවල තත්ත්වය මේ වන විට දැඩි අනාරක්ෂිත තත්ත්වයට පත්ව තිබෙනවා.

පාලනය කර ගත නොහැකි ආකාරයෙන් ජනතාව එක්රැස්වන මෙම ස්ථානවල කිසිදු සෞඛ්‍යාරක්ෂික ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට ලැබෙන්නේ නැහැ.

අත්සේදීම කිසිසේත් සිදුනොකර අතර අත් පිරිසිදු කරගැනීම සඳහා විෂබීජ නාශක හෝ ලබාදීමේ ක්‍රමවේදයක් මේ වන විට ක්‍රියාත්මක නොවීමද කැපී පෙනෙනවා.

ආරක්ෂක අංශ විසින් සාප්පු තුළට ඇතුළු වන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වයද ඕනෑවට එපාවට මෙන් මැන බලන තත්ත්වයක් දක්නට ලැබෙන අතර ශරීර උෂ්ණත්වය වැඩි කිසිදු පුද්ගලයෙකු ඔවුනට හසු නොවීමද විශේෂත්වයක්.

මීටරයේ දුර සංකල්පය මෙවැනි ස්ථානවල විහිළු සහගතවන අතර එකම ඇඳුම කිහිප දෙනෙකුම අතපත ගා, ඇඳ හැඩබැලීමටද දක්නට ලැබෙනවා.

මේ සම්බන්දයෙන් සෞඛ්‍ය අංශ කිසිදු දැඩි ක්‍රියාමාර්ගයක් නොගෙන සිටීම තෙවන රැල්ලකට අත වැනීමක් වනු නොඅනුමානයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කල නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව නෑදෑ ගමන් යෑම, කැවිලි හුවමාරු කරගැනීම ආදිය අවම කලයුතු ක්‍රියාකාරකම් ලෙස නම්කර තිබෙනවා.

එමෙන්ම කඹ ඇදීම, කොට්ට පොර ගැසීම වැනි අවුරුදු ක්‍රීඩාද පැවැත්වීම මෙවර අවුරුදු ක්‍රීඩාවලින් ඉවත්කර ඇත්තේ පුද්ගල දුරස්තභාවය පවත්වාගත නොහැකි ක්‍රීඩා බවට නම් කරමිනි.

කිරිබත්ගොඩ නිමි ඇඳුම් අලෙවිසැලක්
කිරිබත්ගොඩ නිමි ඇඳුම් අලෙවිසැලක්

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...