29 C
Colombo
Saturday, May 4, 2024

ප්‍රමිති ආයතනය බොරු කියයි. විෂ ආහාර ගෙන්වන ආයතන ලැයිස්තුව අදත් නොදී මඟ හරියි

- Advertisement -

සිංහලේ සංවිධානය විසින් ඊයේ (05) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා හමුවී සිදුකරන ලද සාකච්ඡාවෙන් අනතුරුව මෙරටට ගෙන්වන විෂ සහිත ආහාර වර්ග හා ඒවා ගෙන්වන ආයතනවල නම් ලැයිස්තුව අද (06) දිනයේ ලබාදෙන බවට ලිඛිත පොරොන්දුවක් දී තිබුණා.

අදාල ලිඛිත පොරොන්දුවට අනුව එම නම් ලැයිස්තුව ලබාගැනීමට එහි ගිය සිංහලේ සංවිධානයේ සාමාජිකයන් හට අද දිනයේත් ආනයනික විෂ සහිත ආහාර හා සමාගම් ලැයිස්තුව ලබා නොදී මඟ හැරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කර තිබෙනවා.

ඔවුන් අද දිනයේත් ලිපියක් ලබාදී පවසා තිබුණේ අදාල නම් ලැයිස්තුව ලබාදීම සම්බන්දයෙන් නීති උපදෙස් ලබාගනිමින් සිටින බැවින් ඒම ලැයිස්තුව අද දිනයේ ලබාදිය නොහැකි බවයි.

මේ වන විට දැඩි ආන්දෝලනයට තුඩු දී තිබෙන පිළිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය සම්බන්ධයෙන් හා ඒවාට අවසර ලබාදීම සම්බන්දයෙන් දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.

මේ සම්බන්දයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න මහත්මිය පසුගියදා පැවසුවේ චෝදනාලාභී ආයතන තව දුරටත් පොල්තෙල් ආනයන ක්‍රියාවලියේ නිරතව සිටින බවයි.

එමෙන්ම මෙරටට ආනයනය කරන බොහෝ ආහාර ද්‍රව්‍යවල පිළිකාකාරක අඩංගුව ඇතත් ඒවා ගෙන්වන ආතයන කුමක්දැයි හෙළි නොකරන්නේ ඒවාට අවශ්‍ය අවවාද උපදෙස් ලබාදී හදාගැනීමට තම ආයතනය කටයුතු කරමින් සිටින නිසාවෙන් බවයි.

රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්බන්දයෙන් මෙවැනි බරපතල තත්ත්වයක් පවතින විටත් බලධාරීන් එය මෙතරම් සැහැල්ලුවෙන් සිතා කටයුතු කරන ආකාරය පුදුම සහගත බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...