30 C
Colombo
Saturday, May 4, 2024

Mrs. Sri Lanka කිරුළ නිසා හිටපු ඇමතිවරයෙකුගේ බිරිදක් අමාරුවේ

- Advertisement -

දැඩි ආන්දෝලනාත්මකව අවසන් වූ Mrs. Sri Lanka තරඟාවලිය හේතුවෙන් මේ වන විට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ බිරිදක් දැඩි ලෙස අපහසුතාවයට පත්ව තිබෙනවා.

ඒ පසුගිය රජයේ විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍යවරයාව සිටි තාරානාත් බස්නායක මහතාගේ බිරිද වන ආශ්‍යා බස්නායක මහත්මියයි.

පැවති Mrs. Sri Lanka තරඟාවලියේ අවසන් තරඟයේදී ජයග්‍රාහිකාව ලෙස කිරුළු පලන් පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් කැරොලයින් ජූරි විසින් කිරුළ ගලවා ගෙන යළි පැලැන්දූවේ ආශ්‍යා බස්නායක මහත්මිය හටයි.

පසුව කැරොලයින් ජූරි විසින් ඇය ජයග්‍රාහිකාව ලෙස නම් කරනු ලැබූවා.

කෙසේ වෙතත් මේ වන විට නැවත වරක් පුෂ්පිකාද සිල්වා මහත්මිය පැවති Mrs. Sri Lanka තරඟාවලියේ ජයග්‍රාහිකාව ලෙස නම් කර නැවත වරක් කිරුළු පළදවා ඇති පසුබිමක් තුළ ආශ්‍යා බස්නායක මහත්මිය හටද දැඩි අපහාසයක් සිදුව තිබෙනවා.

යම් යම් පාර්ශවයන්ගේ පෞද්ගලික කාරණා මත එහාට මෙහාට දෝලනය වූ කිරුළක් නිසාවෙන් අවසානයේ වේදිකාවක් මත අපහසුතාවයට ලක්වන්නට ආශ්‍යා මහත්මියටද සිදුව තිබෙනවා.

ඇයගේ සැමියා වන තාරානාත් බස්නායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුව සිට නියෝජ්‍ය අමාත්‍ය ධූරද දරා තිබූ අතර පැවති මැතිවරණ සමයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා.

කෙසේ වෙතත් පැවති මහ මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වුණා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...