32 C
Colombo
Monday, May 6, 2024

ජපාන අගමැති ඇමරිකාවට

- Advertisement -

ජපාන අග්‍රාමාත්‍ය යොෂින්ඩේ සුගා, ජනපති ජෝ බයිඩ්න් සමඟ සාකච්ඡා කිරිම සඳහා ඇමරිකාවේ වොෂින්ටන් නුවරට ඊයේ ළඟාවුණා.

ට්‍රම්ප් පරිපාලනයේදී අවිනිශ්චිතව පැවති ඇමරිකානු ජපාන සබඳතා තහවුරු කරමින් නායකයන් දෙදෙනා අතර හමුව අද පැවැත්වීමට නියමිතයි.

බයිඩ්න් පරිපාලනය සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන පළමු නිල සාකච්ඡාව ද මෙයයි.

ටෝකියෝ නුවරින් නික්මීමට පෙර ජපාන අග්‍රාමාත්‍ය යොෂින්ඩේ සුගා, කියා සිටියේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය යන විශ්ව අගයන් මත පදනම් වූ ඇමෙරිකානු ජපාන සන්ධානය සිය චාරිකාවෙන් තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි.

ඇමෙරිකානු සහ ජපාන නායකයන් අතර සාකච්ඡාවේදී තායිවාන සමුද්‍ර සන්ධිය ඇතුළු කලාපීය මුහුදු තීරයන්හි සාමය හා ස්ථාවරභාවය මෙන්ම, චීනයේ ආධිපත්‍ය පිළිබඳව අදහස් හුවමාරු කර ගනු ඇති.

RECENT ARTICLES - SINHALA

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

නිදහස් පක්ෂයට නිදහසේ ආ චන්ද්‍රිකා

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වසර පහකට පසු කොළඹ ටී බී ජයා මාවතේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අද (06) සවස පැමිණ...

වීසා ගාස්තුවල වෙනසක් නෑ

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට කැබිනට් මණ්ඩලය තීරණය කර...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...