29 C
Colombo
Saturday, May 4, 2024

අවසන් ගමන් යන්න වසර 16 ක් පුරා සූදානම් වූ පිලිප් කුමරු

- Advertisement -

අද (17) පස්වරුවේ පැවැත්වෙන පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේදී පිලිප් කුමරුගේ දේහය රැගෙන යාමට නියමිත ලෑන්ඩ් රෝවර් රථයේ ඡයාරූපයයක් බකිංහැම් මාලිගාව විසින් මාධ්‍යයට නිකුත් කර තිබුනි.

එම රථය පිලිප් කුමරුගේ කැමැත්තට අනුව ලෑනඩ් රෝවර් කර්මාන්තශාලාවේදී නවීකරණය කර ඇත.

ලෑන්ඩ් රෝවර් රථ පැදවීමට දැඩි කැමැත්තක් දැක්වූ පිලිප් කුමරු මෑතක් වන තුරුම විවිධ අවස්ථා වල ලෑන්ඩ් රෝවර් රථ පදවාගෙන යන අයුරු ඡයාරූපය වල දකින්නට ලැබුනි.

ඒ කැමැත්ත අනුව ඔහු මියගිය දිනක ඔහුගේ දේහය රැගෙන යාමටද පිලිප් කුමරුගේ කැමැත්ත අනුව ලෑන්ඩ් රෝවර් රථයක් නවීකරණය කිරීමේ කටයුතු මීට වසර 16 කට පෙර එනම් 2003 වසරේදී ආරම්භ කෙරුනි.

ඒ ඔහුට 82 වියෙහිදිය.

විටින් විට ඔහුගේ අභිමතය අනුව විවිධ වෙනස්කම් කල එම රථය අවසාන වරට නවීකරණය කෙරුනේ ඔහුට 98 වැනි විය පිරුණු 2019 වසරේදීය.

දෙවන ලෝක යුධ සමයේදී රාජකීය නාවික හමුදාවට සේවය කල පිලිප් කුමරු එම රථයේ වර්ණය හමුදාව භාවිතා කරන අඳුරු කොල පැහැයෙන් වර්ණ ගැනීවීමට තීරණය කලේය.

රථය පිටුපස කොටස ආරක්ෂිතව මිනී පෙට්ටියක් ගෙනයා හැකි පරිදි නිර්මාණය කර ඇත.

රෝදවල හබ් වලටද කොල පැහැය ආලේප කර ඇති අතර ඒ සියළු වෙනසකම් පිලිප් කුමරුගේ කැමත්ත මත සිදු කෙරී ඇත.

එම රථය නිර්මාණය කිරීමේදී ඔහුගේ අරමුණ බකින්හැම් මාලිගාවේ සිට වින්සර් මාලිගයට දේහය පවාහනය කිරීම උවද පවතන කොරෝනා වසංගතය හේතුවෙන් එම සැලසුම පමණක් වෙනස් වී ඇත.

– තිලාන් ජයසේකර –

RECENT ARTICLES - SINHALA

අවාරයේ සිරිපා කරුණා කරන්න යන අයට දැනුම් දීමක්

අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමට විදේශිකයන්ට පමණක් අවසර දීමටත් දේශිය සංචාරකයන් හෝ වෙනත් පුද්ගලයන් කිසිවකුටත් අවාරයේ කිසිදු මාර්ගයක් ඔස්සේ ශ්‍රි පාදස්ථානය කරුණා කිරිමට අවසර...

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...