30 C
Colombo
Friday, May 3, 2024

කොළඹ චීන කොළනියට විරුද්ධ විය යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

- Advertisement -

වසර කිහිපයක් සඳහා බලයට පැමිණෙන රජයකට ‍‍මෙරට භූමිය විදෙස් රටවලට බදුදීමට හෝ විකිණීමට කිසිදු අයිතියක් නොමැති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා.

ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ විවිධ උපායමාර්ග හරහා රට අත්පත් කරගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ දරමින් සිටින බවයි.

“බෙදුම්වාදී කණ්ඩායම් රට කොටස් වශයෙන් බෙදාගන්න ගත් උත්සහය අවුරුදු 30ක අරගලයකින් අවසන් කළා. දැන් අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ ඒ වගේම තවත් ප්‍රශ්නයකට. ඒ වෙනත් උපාය මාර්ග මගින් රටේ කොටස් අත්පත් කරගන්නා උත්සාහය. අපි ඒක දකිනවා වරාය නගරය එසේත් නැත්නම් නවීන චීන කොළනිය ලෙස. බිහිවීමට නියමිත නව චීන කොළනිය ප්‍රතික්ෂේප විය යුතුයි. අවුරුදු 5කට හෝ 6කට බලයට එන ඔබලාට අයිතියක් නෑ, යුතුකමක් නෑ ශතවර්ෂ ගණනාවකට රටේ බිම් කොටස් ඒ ඒ කණ්ඩායම්වලට බදුදෙන්න හෝ විකුණන්න.”

මේ අතර අද (17) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසා සිටියේ ආණ්ඩුව මෙලෙස අන්තනෝමතික ලෙස ජාතික සම්පත් විකුණමින් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ජාතික බලවේග ඒකරාශී කිරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...