33 C
Colombo
Sunday, May 5, 2024

ටියාරා කේක්වල බිත්තර ඇති බවට CBL සමාගම සහතික වෙයි

- Advertisement -

සිලෝන් බිස්කට් සමාගම විසින් නිෂ්පාදනය කෙරෙන ටියාරා කේක් නිෂ්පාදනයේදී ස්වභාවික බිත්තර භාවිතා නොකර ඒ සඳහා වෙනත් ආදේශකයන් භාවිතා කරන බවට වන කටකතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන බවට සිලෝන් බිස්කට් සමාගම නිවේදනය කරනවා.

එම සමාගම පවසන්නේ ඔවුන්ගේ සියලුම නිෂ්පාදනයන් මෙන්ම ටියාරා කේක් නිෂ්පාදනයටත් ස්වභාවික මෙන්ම නැවුම් බිත්තර පමණක් භාවිතා කරන බවයි.

තවද එම නිෂ්පාදනයන් සඳහා කිසිදු රසායනික ආදේශකයක් භාවිතා නොකරන බවට තම සමාගම වගකීමෙන් යුතුව පාරිභෝගික ජනතාවට දැනුම් දෙන බවද අදාල නිවේදනයේ සඳහන්.

එමෙන්ම මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් ගෙනයන පුද්ගලයාට හෝ කණ්ඩායමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කරමින් සිටින බවද සිලෝන් බිස්කට් සමාගම නිවේදනය කරනවා.

කෙසේ වෙතත් අදාල නිවේදනයට ප්‍රතිචාර දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පාරිභෝගික ජනතාව විමසා ඇත්තේ ස්වභාවික බිත්තර යොදාගන්නා ආහාරයක් මාස 6 ක පමණ කාලයක් කල්තබාගන්නේ කෙසේද යන්නයි.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...