25 C
Colombo
Sunday, May 19, 2024

පාර්ලිමේන්තුවේ යකා නැටූ සනත් නිශාන්තට සති දෙකක තහනමක්

- Advertisement -

විපක්ෂ නායකගේ කතාවට බාධා කරමින් හැසිරුණු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට සති දෙකක කාලයක් පාර්ලිමේන්තු පැමිණීම අත්හිටුවා තිබෙනවා.

කථානායකවරයා පවසා ඇත්තේ ඊයේ (21) දින සභාවේ සිදුවු සිදුවීම තමා බරපතළ ලෙස හෙළා දකින බවයි.

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

මෙම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම කෑ ගසමින් ගසමින් ඊට විරෝධය පළ කළ ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිය අසුන්වලින් නැගිට විපක්ෂ විපක්ෂනායකවරයා අසලට පැමිණීමට කටයුතු කර තිබුණා

එහිදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සිය අසුනෙන් නැඟිට විත් සජිත් ප්‍රේමදාස මහතාගේ මයික්‍රොෆෝනය උදුරා ගෙන කෑ ගැසමින් හැසිරෙන අයුරුද දක්නට ලැබුණා.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

තත්පර 12න් ඩොලර් මිලියන 25ක් සොරකම් කරලා

තත්පර 12කින් ඩොලර් මිලියන 25ක් (පවුම් මිලියන20ක්) සොරකම් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා...