32 C
Colombo
Sunday, May 5, 2024

ලංකාගම පාරේ කාපට් ගැලවිලා නැහැ – ජොන්ස්ටන්

- Advertisement -

අලුතින් ඉදිවන නෙළුව – ලංකාගම මාර්ගයේ කාපට් ගැලවී ඇති ආකාරය පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යජාල ඔස්සේ ප්‍රචාරය වුණා. මේ පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා ලබාදුන් උපදෙස් මත මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහි ගොස් නිරීක්ෂණය කර තිබෙනවා. නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අදහස් දක්වමින් ඔහු පැවසුවේ අදාල ඡායාරූප සාවද්‍ය බවත්, එවැනි කිසිදු සිදුවීමක් එම මාර්ගයට අදාලව සිදුව නොමැති බවයි. මෙම මාර්ගය ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත්වීමෙන් ඉදිකරන බවත් එම නිසා සමාජ මාධ්‍ය තුළින් සිදුකරන මෙම අපහාස යුද හමුදාව ඉලක්ක කොටගෙන සිදුකරන අපහාසයන් බවත් ඔහු එහිදී පැවසුවා.

එම නිරීක්ෂණ චාරිකාවේ ඡායාරූප ඇමතිවරයා ප්‍රසිද්ධ කර ඇතත් ඔහු සදහන් කරන කිසිදු හානියක් සිදු නොවී ඇති මාර්ගයේ කිසිදු ඡායාරූපයක් පලකර තිබුණේ නැහැ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...