33 C
Colombo
Sunday, May 5, 2024

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ. කැසිනෝ හා ස්පා වැසේ.

- Advertisement -

පවත්නා සෞඛ්‍ය අවදානම් තත්ත්වය මත මහජනතාවගේ පොදු ක්‍රියාකාරකම් පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක් නිවසින් පිටවීමට අවසර ලබාදී ඇත්තේ පුද්ගලයින් දෙදෙනෙකුට පමණයි.

එමෙන්ම පොදු ප්‍රවාහන සේවාවන් වන බස්රථ හා දුම්රියේ ආසන ධාරිතාවයට පමණක් මගීන් ප්‍රවාහනය කල යුතු බවට එහි දැක්වෙනවා.

රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාලවල අවශ්‍ය කාර්ය මණ්ඩලය සමග පමණක් ක්‍රියාකිරීමට අවසර ලබාදී ඇති අතර හැකි සෑම විටම නිවසේ සිට වැඩකිරීමේ විකල්පය සේවකයන් හට ලබාදිය යුතු වනවා.

රෙදි සාප්පුහී ඇවිදීමට මීටර 1.5 ක ඉඩ ප්‍රමාණයක් එක් පුද්ගලයෙකුට ලැබෙන පරිදි ආයතනයෙන් 50% ක ප්‍රමාණයක් පමණක් පාරිභෝගිකයන් ඇතුළු කරගැනීමට අවසර හිමිවනවා.

පාසල් 50% ක ධාරිතාවයෙන් ක්‍රියාත්මක වුවත් විශ්ව විද්‍යාල තවදුරටත් වසාදැමීමට නිර්දේශ කර තිබෙනවා.

මංගල උත්සව සඳහා අමුත්තන් 150 සීමාව නැවත වරක් පනවා ඇති අතර අවමංගල උත්සව සඳහා පුද්ගලයින් 25 ක් පමණක් සහභාගි කරවන ලෙසයි අදාල නිර්දේශ මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ඇත්තේ.

ගෘහස්ත උත්සව, එළිමහන් උත්සව හෝ සම්මන්ත්‍රණ පැවැත්වීමට කිසිදු අවසරයක් නොලැබෙන අතර මහජනයා එක්රැස්වීම් සඳහාද අවසර හිමිවන්නේ නැහැ.

ළමා උද්‍යානද වසා තැබෙන අතර සැණකෙලි, සංගීත සංදර්ශන හා වෙරළ සාද පැවැත්වීමද තහනම් කර තිබෙනවා.

කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා හා ස්පා වසා දැමීමට නිර්දේශ කර ඇති අතර මද්‍යසාර අලෙවිසැල්වල කවුන්ටර අසල සෙනඟ එක්රැස්වීම වළක්වාගැනීමට එම අලෙවිසැල්වල හිමිකරුවන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම සෞඛ්‍ය මාර්ගෝපදේශ 2021 මැයි මස 31 වනදා දක්වා වලංගු වනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...