33 C
Colombo
Sunday, May 5, 2024

ඉන්දීය නිළි පූජා හේඩේටත් කොවිඩ් 19

- Advertisement -

ජනප්‍රිය බොලිවුඩ් නිළියක්වන පූජා හේඩේ හට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ඇය විසින්ම සමාජ මාධ්‍යවෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ඇය මේ වන විට සියලු සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් නිවසේ සිටම නිරෝධායනය වෙමින් ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පූජා රංගනයෙන් දායකවන, මේ වන විටත් රූගතකිරීම් සිදුකෙරෙමින් පවතින රාධේ ශාම්, ආචාර්යා, සර්කුස් යන චිත්‍රපට තුනම ගැටළු සහගත තත්ත්වයට පත්ව තිබෙනවා.

මේ වන විට ඉන්දියාව තුළ ඉතාමත් වේගයෙන් කොවිඩ් 19 ව්‍යාප්ත වෙමින් පවතින අතර බොලිවුඩ් තාරකාවන් රැසක්ද එහි ගොදුරු බවට පත්ව තිබෙනවා.

පූජා හේඩේ වඩාත්ම ජනප්‍රියත්වයට පත්වූයේ රිතික් රෝෂන් සමඟ රගපෑ මොහෙන්ජො දාරෝ චිත්‍රපටයෙන්.

කෙසේ වෙතත් මෑත කාලයේ පූජා අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූයේ අල්ලු අර්ජුන් සමඟින් රංගනයෙන් දායකවූ ‘අලා වයිකුන්තපුරමුලෝ’ චිත්‍රපටයේ ‘බුට්ටබොම්මා’ ගිතය හේතුවෙන්.

මෙම ගීතය Youtube නැරඹුම් වාර මිලියන 594 පසුකර තිබෙනවා.

එම ගීතය පහතින්,

RECENT ARTICLES - SINHALA

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...