28 C
Colombo
Saturday, May 4, 2024

ගිලන් රථයේ සිදුවූ නොමනා ක්‍රියාවක් යැයි බොරු කියලා (වීඩියෝ)

- Advertisement -

මෙරට ඇතැම් සෞඛ්‍ය සේවකයන්ගේ ක්‍රියාකලාපයන් පිළිබදව බොහෝ විට ප්‍රතිකාර ලබාගැනීමට යන ජනතාවගෙන් ලැබෙන්නේ හොඳ ප්‍රතිචාරයක් නොවන බවටත් එවන් පසුබිමක දෙනියාය මූලික රෝහලේ ගිලන් රථයකින් සෞඛ්‍ය සේවකයන් පිරිසක් සාප්පු සවාරියක් ගොස් ඇති බවටත් පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් පසුගියදා ප්‍රවෘත්තියක් පලකර තිබුණා.

අදාල ගිලන්රථය මාතර – අතුරලියේ සුපිරි වෙළෙඳසැලක් අසල නවත්වා ඇති ආකාරය ජංගම දුරකතනයකින් පටිගත කර එම ගිලන්රථයේ ලියාපදිංචි අංකයද අදාල ප්‍රවෘත්තියෙන් පෙන්වා තිබුණා.

සිදුවීම පිළිබදව ජංගම දුරකථනයේ වීඩියෝවේම ප්‍රදේශවාසීන් දෙදෙනෙක් අදහස් දක්වමින් පවසන්නේ “ටක්ගාලා නම්බර් එක බලලා කෝල් එකක් දුන්නනම් ආයතනයට ඕකුන්ගේ රස්සාවලුත් ඉවරයි” ලෙසයි.

මෙම පුවතේදී අදාල සිදුවීම සම්බන්දයෙන් දෙනියාය මූලික රෝහලේ පාලනඅධිකාරියෙන් කිසිදු විමසීමක් කර තිබුණේ නැහැ.

මේ සම්බන්ධයෙන් අප දෙනියාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී P.G.K.M. සෝමරත්න මහතාගෙන් සිදුකල විමසීමකදී ඔහු සඳහන් කළේ
දෙනියාය මූලික රෝහලේ සේවක පිරිසක් ගිලන් රථයකින් ගොස් තිබුණේ රෝහලට අවශ්‍ය භාණ්ඩ මිල දී ගැනීමට බවයි.

තමන් මේ පුවත සම්බන්දයෙන් වූ සිදුවීම පිළිබඳව විමසා බැලූ අතර අතුරලිය මංසන්ධියේ වෙළෙඳසැලකින් රෝහලට අවශ්‍ය මෙම භාණ්ඩ මිලදී ගැනීමට සෞඛ්‍ය සේවයන් විනාඩි 20 ක පමණ කාලයක් ගතකර ඇති බව වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළා.

වෛද්‍ය අධිකාරී සෝමරත්න මහතා පවසා සිටියේ ඔවුන් මෙලෙස භාණ්ඩ මිලදී ගැනීමට යන බව ඊට පෙර තමන්ව දැනුවත් කර ඊට ලබාගන්නා ලද අවසරයෙන් අනතුරුව එලෙස ගිය බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගෙන් කිසිදු විමසීමක් සිදු නොකර ඒකපාර්ශවීය ප්‍රවෘත්තියක් පළ කර ඇති බව ද ඉන් ජනතාව මුලාකර ඇති බවද වෛද්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

ලංකාවට තවත් පදක්කම් දෙකක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා උළෙලේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ යුපුන් අබේකෝන් සහභාගි වූ පිරිමි මීටර් 100 තරගයේ දී...

සා.පෙළ 10,000කට අයදුම් නොකළ විෂයක් ඇවිත්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන වර අයදුම්කරුවන්ට එනම් පෞද්ගලික අයදුම්කරුවන් 10,000කට වැඩි පිරිසකට තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලැබී තිබෙන...

වතු හාම්පුත්තු ගැන ලැජ්ජයි- වඩිවෙල් සුරේෂ්

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයටත්...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.68ක් ලෙස...

අද පෑලියගොඩ එළවළු තොග මිල මෙන්න

අද (30) දිනයේ දී පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු කිලෝවක තොග මිල මෙලෙස සඳහන්ව තිබුණා. කැරට් රු 150, බෝංචි රු 200, ලීක්ස් රු 150, බීට්...