32 C
Colombo
Sunday, May 5, 2024

ඉන්දියාවේ ඔක්සිජන් සැපයුම ඉහල නැංවීමට කඩිනම් පියවර – තත්ත්වය තවත් දරුණු වනු ඇති බවට අනතුරු ඇඟවීම්

- Advertisement -

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සෑම දිස්ත්‍රික්කයකම ඔක්සිජන් නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට පියවර ගෙන තිබේ.

ඒ මේ වනවිට එරට තුළ පවතින දැඩි ඔක්සිජන් හිගයට පිළියමක් වශයෙනි.

රාජ්‍ය, පෞද්ගලික සහ ආරක්ෂක අංශවල සහයෙන් කඩිනමින් මේවා ඉදිකිරීමට නියමිතයි.

මේ යටතේ සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන රජයේ රෝහලක් ආශ්‍රිතව ඔක්සිජන් නිෂ්පාදනාගාරය බැගින් ඒවා 551 ඉදිකෙරෙන අතර ඒ සදහා යොදාගැනෙන්නේ අගමැති නරේන්ද්‍ර මෝදි යටතේ ඇති කෝවිඩ් අරමුදලයි.

මේ අතර ජර්මනියෙන් ජංගම ඔක්සිජන් නිෂ්පාදනාගාර 25ක් පමණ ආනයනය කිරීමටද ඉන්දියාව පියවර ගෙන තිබේ.

ඉන්දීය ගුවන් හමුදාවේ භාණ්ඩ ප්‍රවාහන යානා ඒ සදහා දැනටමත් යවා ඇතැයි වාර්තා වේ.

මේ අතර ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය විසින් එවනු ලැබූ ඔක්සිජන් ඇතුළ තවත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ රැසක් අද දිනයේදී ඉන්දියාව වෙත ළඟාවී තිබේ.

එමෙන්ම අද ඉන්දීයාව විසින් පසුගිය දෙවසර තුළ විශ්‍රාම ගිය හමුදාවට සම්බන්ධ වෛද්‍යවරුන් යළි සේවයට කැදවා තිබිණ.

⁣ඉදිරි දිනවලදී ඉන්දියාවේ කොවිඩ් තත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරෙන අතර මේ වනවිට එහි දෛනික ආසාදිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ පනස්දහස ඉක්මවන අතර මරණ සංඛ්‍යාව දෙදහස් පන්සියය ඉක්මවයි.

තත්ත්වය පාලනය කිරීම සදහා දිල්ලිය සහ කර්ණාටක ප්‍රාන්තය වසාදමා ඇති අතර තවත් ප්‍රාන්ත රැසක විවිධ සීමා පනවා තිබේ.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...