32 C
Colombo
Sunday, May 5, 2024

ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

- Advertisement -

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (26) මෙරටින් වාර්තා වුණා.

ඒ කොවිඩ් ආසාදිතයන් 997 ක්.

එලෙස වාර්තා වූ ආසාදිතයින් අතුරින් 173 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල ප්‍රදේශයෙන් ආසාදිතයින් 18ක්, හංවැල්ල 17ක්, මිරිහාන සහ මුල්ලේරියාව ප්‍රදේශවලින් ආසාදිතයින් 13 දෙනා බැගින් සහ වැල්ලවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 10ක් වාර්තා වු බවයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 170 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වුණා.

මීරිගම 17ක්, දිවුලපිටිය 16ක්, මැල්ලවගෙදර 15ක්, නිට්ටඹුව 13ක්, ගම්පහ 12ක් ලෙස ආසාදිතයින් වාර්තා වුණා.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 92 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 37 දෙනෙකු පොද්දල ප්‍රදේශයෙන් සහ 34 දෙනෙකු රත්ගම ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මොණරාගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 86 දෙනෙකු හඳුනා ගෙන ඇත.

ඉන් වැල්ලවාය ප්‍රදේශයෙන් ආසාදිතයින් 46ක්, තණමල්විල 16ක්, ඇතිමලේ 19 ක් ලෙස ආසාදිතයින් වාර්තාවුණා.

කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොවිඩ් ආසාදිතයින් 74 දෙනෙකු වාර්තා වී ඇත.

කලුතර 29ක්, හොරණ 14ක් සහ බේරුවල 12ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 49ක්, මාතර 32ක්, කෑගල්ල 16, මන්නාරම 02, බදුල්ල 25ක්, අම්පාර 07, අනුරාධපුර 15, ත්‍රිකුණාමලය 59, වව්නියාව 11, මහනුවර 07, නුවරඑළිය 22, රත්නපුර 01, පුත්තලම 22, යාපනය 17, මාතලේ 66, මඩකලපුව 03ක් සහ විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 45 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇත.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ මීට අමතරව පොලොන්නරුව, කිලිනොච්චිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයා බැගින් හඳුනා ගෙන තිබෙන බවයි.

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...