27 C
Colombo
Monday, May 6, 2024

රෝහල්වල ඉඩ නැති නිසා කොවිඩ් රෝගීන් නිවෙස්වලම රඳවලා

- Advertisement -

මේවනවිට කොවිඩ් රෝගීන් හට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් තුළ ඉඩපහසුකම් නොවීම හේතුවෙන් ඔවුන්ගේ නිවෙස්වලම රඳවා තබා ගැනීමට සිදුව ඇති බව ප්‍රදේශ කිහිපයකින්ම වාර්තාවනවා.

ඒ අනුව හබරාදුව 36ක්, අම්බලන්ගොඩ 35ක්, ඉමදුව 13ක්, රත්ගම 09ක්, ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 08ක්, බෝපේ පොද්දලින් 08ක්, කරන්දෙණිය 04ක්, බලපිටිය 03ක්, හික්කඩුවෙන් 04ක්, වැලිවිටියෙන් 02ක්, උඩුගම රෝගින් 02ක්, අක්මිමන 01ක්, ඇල්පිටියෙන් 01ක් වශයෙන් රෝගින් 114 දෙනෙකුට මේ ආකාරයට නිවෙස් තුළට වී සිටින්නට සිදුව තිබෙනවා.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසන්නේ රෝහල් තුළ ඇඳන් හිස්වුවහොත් පමණක් රෝගීන් ඇතුළත් කරගත හැකි බවයි.

“දකුණු පළාතේ කොවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන 08ක ඇදන් 1400ක් තියෙනවා. එම ඇඳන් කොරෝනා රෝගින්ගෙන් පිරිගොස් තියෙනවා. දකුණු පළාතේ රෝගින් පමණක් නෙවෙයි දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් මෙම කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන වලට රෝගීන් රැගෙන එනවා. එම නිසා යම් රෝගින්සංඛ්‍යාවක් කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථාන වලට ඇතුළත් කිරිමට නොහැකි වි තියෙනවා. ඇඳන් හිස් වන ප්‍රමාණය අනුව තමයි රෝගින් ඇතුළත් කිරිමට හැකිවන්නේ. “

RECENT ARTICLES - SINHALA

හෝටලයක් වු බෝගම්බර

බෝගම්බර බන්ධනාගාරය ඓතිහාසික ගෘහ නිර්මාණවලින් සමන්විත හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා. බන්ධනාගාර ප්‍රධාන පරිශ්‍රය සාප්පු...

විදුලි අය ක්‍රම පිළිබඳ මණ්ඩලයේ යෝජනාව, ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට

ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි අය ක්‍රම පිළිබඳ යෝජනාව සකස් කරමින් ඇතැයි, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසනවා. එහි ලේකම් සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, එහි...

ඝාතනයකින් කෙළවර වූ සංගීත ප්‍රසංගය

සංගීත ප්‍රසංගයකදී තරුණයන් දෙදෙනෙකු අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් අද (05) අලුයම ඝාතනයක් සිදුව තිබෙන බවට වාර්තා වනවා. එහිදී පලතුරු කපන පිහියකින් පහරදී තරුණයකුව...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

Breaking: ලිට්‍රෝ ගෑස් මිල පහළට

ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා මේ බව...