26 C
Colombo
Saturday, May 18, 2024

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ සේවකයින් තිදෙනාට ඇප

- Advertisement -

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ⁣සේවිකාවන් දෙදෙනකු අපයෝජනයට පත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු කණිෂ්ඨ සේවකයන් තිදෙනාගෙන් එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (30) දින නියෝග කළා.

පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය මගින් සිදුකල විමර්ශනයකින් පසු පාර්ලිමේන්තුවේ සේවය කල කණිෂ්ඨ සේවකයන් වන අදාල සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

එම අපයෝජනයට පත් කිරීම වර්ෂ 2022 දි පමණ සිදුව ඇති බවත් ඊට අදාල පැමිණිල්ල ලිංගික හිංසනය සිදු වී වසරකට පමණ පසු පොලිසිය වෙත සිදු කර තිබීමත් යන කාරණා මෙහිදී අධිකරණය හමුවේ අනාවරණය වුණා.

කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන කටයුතු සිදු කර අධිකරණය වෙත වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්‍යාංශය වෙත නියෝග කළාය.

RECENT ARTICLES - SINHALA

ඇඳුමක් නිසා පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීලා

ශ්‍රී ලංකා පොලීසියේ ලාංඡනය සහිත කමිසයක් පැළඳ සිටිම මුල් කරගනිමින් පොලිස් නිලධාරීන් පිරිසක් පුද්ගලයෙකුට පහරදී තිබෙනවා. පහරකෑමට ලක්වූයේ වසර 17ක් පොලිස් සේවයේ නියුතුව වැඩ තහනම්...

ට්‍රාන්ස්ෆෝමරයක් අසලින් නාඳුනන මළ සිරුරක් හමුවෙයි

ගම්පහ - ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. වයස අවුරුදු 30 ක් පමණ වන බවට...

බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් 26කට තුවාල

කෑගල්ල - අවිස්සාවේල්ල මාර්ගයේ කෝට්ටපොල ප්‍රදේශයේදී පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබෙනවා. එම අනතුරින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර...

POPULAR ARTICLES

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම...

මහනුවර ඇසළ පෙරහැරට බාධාවක්

මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය...

ලාල් කාන්ත ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට තහනම් නියෝගයක්

මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් වෘත්තිය සමිති නායකයින් කිහිපදෙනෙකු ඇතුළු පිරිසකට තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. කේ ඩී ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, රන්ජන් ජයලාල් ඇතුළු විරෝධතාකරුවන් පිරිසකට එරෙහිව...