26 C
Colombo
Tuesday, May 7, 2024

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් 04ක සේවකයින් හට කොවිඩ්

- Advertisement -

කොට්ටාව, අතුරුගිරිය, කොතලාවල සහ කඩුවෙල යන පිවිසුම්වල සේවකයින් කිහිප දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් මත්තල සිට කටුනායක දක්වා ගමන් ගන්නා සියළුම රථ වාහන අද (03) කහතුඩුව පිවිසුමෙන් පිටත් කර යැවෙන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය ප්‍රකාශ කළා.

ඒ අනුව කහතුඩුව පිටවීමෙන් මුදල් ගෙවා රියදුරන්ට රථ වාහන පිටතට දැමිය යුතු අතර අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට ඇති ඉදිරි පිටවීමකින් වාහන ඉවතට ගැනීමට අපේක්ෂා කරන රියදුරන්ට යළි කහතුඩුවෙන් අධිවේගී මාර්ගයට පිවිස කටුනායක දෙසට ගමන් කළ හැකියි.

ඒ අනුව ගෙවීම් කවුළු විවෘතව පවතින ස්ථානවලදී පමණක් රියදුරන්ට මුදල් ගෙවීම් කළ හැකි අතර අනෙකුත් පිටවීමේ ස්ථානවලදී මුදල් ගෙවීමක් සිදුනොකර පිටව යා හැකියි.

RECENT ARTICLES - SINHALA

කුලියාපිටියේ තරුණයා අතුරුදන් වීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරුට ඇප

කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අද (06) සිය නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාරවී තිබෙනවා. එහිදී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් මහතා...

චන්ග්ගෙන් T-20 කුසලානයට යන අපේ කණ්ඩායමට සුභ පැතුම්

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත් වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත ශ්‍රී ලංකා මූලික ක්‍රිකට් සංචිතය...

සජිත්ගෙන් ටිරාන්ට ප්‍රශ්න හතක්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා වී එෆ් එස් ග්ලෝබල් ආයතනය සම්බන්ධයෙන් අද (06) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පළ කළ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක...

POPULAR ARTICLES

උසස් පෙළ ප්‍රතිඵල එන දිනය ගැන නිවේදනයක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. 2023 උසස් පෙළ...

අද ඩොලරය

ඊයේ (02)  දිනයට සාපේක්ෂව අද (03) දිනයේ ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල, එක්සත් ජනපද ඩොලරය සමඟ ස්ථාවර මට්ටමක පවතිනවා. ඒ අනුව, අද ප්‍රධාන වානිජ බැංකු...

සජබ මැයි රැලියට ‍කැලණියෙන් ‍ෆොන්සේකාට අමතරව තවත් පිලක් ඇවිත්

සමගි ජන බලවේගයට කැලණිය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් සහභාගි වී තිබෙන බවට වාර්තා වනවා. එහි පක්ෂ අභ්‍යන්තරයේ පවතින ගැටුමක් හේතුවෙන් එම මැයි රැලියට කැලණියේ බැනරය...